ඔන්න ස්ට්රේන්ජර් තින්ග්ස් රසිකයන් හැමෝම ආසාවෙන් බලාගෙන හිටපු සුපිරිම ආරංචියක් නෙට්ෆ්ලික්ස් ආයතනය විසින් නිල වශයෙන් ප්රකාශයට පත් කරලා තියෙනවා. ඒ අනුව ‘ස්ට්රේන්ජර් තින්ග්ස්: ටේල්ස් ෆ්රොම් 85’ (Stranger Things: Tales from ’85) ඇනිමේටඩ් කතා මාලාවේ දෙවැනි කොටස 2026 වසරේ සැප්තැම්බර් 17 වැනිදා සිට විකාශය වීමට නියමිතයි. මේ ආරංචියත් එක්කම අලුත් සීසන් එකේ දර්ශන කිහිපයකුත් ඔවුන් එළිදක්වලා තියෙනවා. මේ දර්ශනවලින් මයික්, ඉලවන් සහ ඔවුන්ගේ යාළු මිත්රාදීන් මුහුණ දෙන අලුත්ම අද්භූත තර්ජන ගැන පොඩි ඉඟියක් ලබා දීලා තියෙනවා.
මේ කතා මාලාව දිවෙන්නේ 1985 වසරේ ශීත සෘතුවේ සිදුවීම් පාදක කරගෙනයි. ඒ කියන්නේ ඔරිජිනල් ස්ට්රේන්ජර් තින්ග්ස් කතා මාලාවේ දෙවැනි සහ තුන්වැනි කොටස් අතර කාලයේ සිදුවන දේවල් තමයි මෙහි ඇතුළත් වෙන්නේ. හොකින්ස් නගරයේ සාමාන්ය ජීවිතයට හුරු වෙන්න උත්සාහ කරන ඉලවන්, මයික්, ඩස්ටින්, ලූකස්, විල් සහ මැක්ස් ඇතුළු පිරිසට මේ වතාවෙත් අමුතුම ආකාරයේ භයානක අද්භූත බලවේගයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඇත්තටම මේ පාර මොන වගේ අභියෝගයක් ඔවුන්ට එල්ල වෙයිද කියලා දැනගන්න නම් තව ටික කාලයක් ඉවසන්නම වෙනවා.
පළමු ඇනිමේටඩ් කතා මාලාව නිකුත් වෙලා මාස හතරකට පස්සේ තමයි මේ විදිහට දෙවැනි කොටස ගැන නිල තහවුරු කිරීමක් ලැබිලා තියෙන්නේ. ඉතින් ස්ට්රේන්ජර් තින්ග්ස් ලෝකයේ රසිකයන්ට මේක ඇත්තටම ලොකු සතුටක්. 2026 සැප්තැම්බර් මාසයේදී මේ අලුත් අත්දැකීම විඳගන්න ඔයාලත් ලෑස්ති වෙන්න.

Discussion & Feedback