ලොව පුරා අතිශය ජනප්රිය වීඩියෝ ක්රීඩා මාලාවක් වන ‘Far Cry’ ඇසුරින් FX නාලිකාව හරහා නිර්මාණය වීමට නියමිත නවතම කතාමාලාවට ප්රවීණ හොලිවුඩ් නළු ස්ටීව් බුසෙමි එක්වීමට නියමිතයි. ‘Boardwalk Empire’ සහ ‘Fargo’ වැනි නිර්මාණ හරහා ලොව පුරා රසික ආදරය දිනාගත් බුසෙමි මෙම කතාමාලාවට එක්වීම බොහෝ දෙනාගේ අවධානය දිනාගත් කරුණක් වෙලා. ඔහු සමඟ රොබ් මැක් සහ ලිසී කැප්ලන් ද මෙහි ප්රධාන චරිත සඳහා රංගනයෙන් දායක වනවා.
මෙම කතාමාලාව නිර්මාණය කරන්නේ ‘Fargo’ සහ ‘Alien: Earth’ වැනි සාර්ථක නිර්මාණ බිහි කළ නෝවා හෝලි සහ රොබ් මැක් විසිනුයි. ‘Far Cry’ ක්රීඩාවේ ඇති විශේෂත්වය වන්නේ සෑම වාරයකදීම වෙනස්ම කතා පුවතක් සහ නව චරිත රැසක් දැකගන්න ලැබීමයි. ඒ නිසාම මෙම කතාමාලාවත් ඒ ආකාරයෙන්ම විවිධ පසුබිම් සහ අද්විතීය කතා තේමාවන් ඔස්සේ ගලා යනු ඇති බවටයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත්, ස්ටීව් බුසෙමි රඟපාන චරිතය පිළිබඳව හෝ කතාමාලාවේ නිශ්චිත කතා පුවත ගැන තවමත් කිසිදු තොරතුරක් අනාවරණය කර නැහැ.
එමී සම්මාන සඳහා අට වතාවක් නිර්දේශ වී ඇති බුසෙමි, මීට පෙර ‘Reservoir Dogs’, ‘The Big Lebowski’ වැනි චිත්රපට සහ ‘The Sopranos’ වැනි ජනප්රිය කතාමාලා හරහා සිය රංගන කුසලතාව මැනවින් පෙන්වා තිබෙනවා. Ubisoft ආයතනය සමඟ එක්ව FX නිෂ්පාදන ආයතනය විසින් නිර්මාණය කරන මෙම කතාමාලාව, වීඩියෝ ක්රීඩා ලෝලීන්ට මෙන්ම සිනමා ලෝලීන්ටත් අලුත්ම අත්දැකීමක් වනු නොඅනුමානයි.

Discussion & Feedback