ස්ටීවන් කිංගේ නවකතා සහ ජනප්රිය ‘ස්ට්රේන්ජර් තින්ග්ස්’ කතා මාලාවේ ආභාෂය ලබමින් නිර්මාණය වන අලුත්ම භීෂණ ටෙලි කතා මාලාව ගැන මේ දවස්වල ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා. ප්රවීණ අධ්යක්ෂ මයික් ෆ්ලැනගන් විසින් නිර්මාණය කරන මෙම කතා මාලාව, ස්ටීවන් කිංගේ සුප්රසිද්ධ ‘කැරී’ නවකතාව පාදක කරගෙනයි නිර්මාණය වෙන්නේ. ස්ට්රේන්ජර් තින්ග්ස් හි එලවන් චරිතය සහ කැරී අතර තියෙන සමානකම් මෙහිදී අපිට හොඳින්ම දකින්න ලැබෙනවා. විශේෂයෙන්ම අසාමාන්ය බලයක් තියෙන තරුණියක් මුහුණ දෙන අභියෝග සහ ඇයව ආරක්ෂා කරන්න උත්සාහ කරන මවකගේ චරිතය මෙහිදී වෙනස්ම විදිහකට නිරූපණය වෙනවා.
මයික් ෆ්ලැනගන් පවසන විදිහට, මීට පෙර තිබුණු ‘කැරී’ නිර්මාණවලට වඩා මෙහිදී මවගේ චරිතය සහ ඇගේ දියණිය අතර තියෙන බැඳීම වඩාත් සංවේදීව ගොඩනගා තිබෙනවා. ස්ට්රේන්ජර් තින්ග්ස් හි එලවන් සහ හොපර් අතර තිබූ සම්බන්ධයට සමාන අත්දැකීමක් මෙහිදී ප්රේක්ෂකයන්ට බලාගන්න පුළුවන්. ඒ වගේම, ස්ට්රේන්ජර් තින්ග්ස් කතා මාලාවේ එතරම් සාර්ථක නොවූ ‘සහෝදරියන්’ පිළිබඳ කතා තේමාව, මෙහිදී වඩාත් අර්ථවත් ලෙස සහ හැඟීම්බරව ගොඩනගා තිබීම විශේෂත්වයක්. ස්ටීවන් කිංගේ රසිකයන්ට සහ භීෂණ කතා වලට කැමති අයට මේක අනිවාර්යයෙන්ම බලන්න වටිනා නිර්මාණයක් වේවි කියලා තමයි විචාරකයින් කියන්නේ.

Discussion & Feedback