භීෂණ කතා කලාවේ දැවැන්තයන් දෙපළක් වන ස්ටීවන් කිං සහ එච්.පී. ලව්ක්රාෆ්ට්ගේ නිර්මාණ ශෛලීන් එකට මුසු වූ අපූරු කතා මාලාවක් විදිහට නෙට්ෆ්ලික්ස් හි විකාශය වුණු ‘ආකයිව් 81’ (Archive 81) හඳුන්වන්න පුළුවන්. මේ කතා මාලාව පදනම් වෙලා තියෙන්නේ ඒ නමින්ම තිබුණු පොඩ්කාස්ට් මාලාවක් මතයි. මෙහි කතාව දිග හැරෙන්නේ වර්තමානයේ ජීවත් වන ඩෑන් සහ අතීතයේ ජීවත් වුණු මෙලඩි කියන චරිත දෙක වටායි. හුදෙකලා පරිසරයක ඉඳන් අද්භූත වීඩියෝ පට ප්රතිසංස්කරණය කරන ඩෑන් සහ අමුතු සිදුවීම්වලට මුහුණ දෙන මෙලඩි අතර තියෙන සම්බන්ධය ස්ටීවන් කිංගේ ‘ද ෂයිනින්’ කතාව සිහිගන්වනවා. විශේෂයෙන්ම මේ කතා මාලාවේ එන මහල් නිවාස සංකීර්ණය මිනිසුන්ගේ බිය සහ මානසික පීඩනයන් උරා ගන්නා ස්ථානයක් විදිහටයි පෙන්නුම් කරන්නේ.
එච්.පී. ලව්ක්රාෆ්ට්ගේ නිර්මාණවල දකින්න ලැබෙන විශ්වීය භීෂණය සහ අද්භූත දේවල් මේ කතා මාලාව පුරාම විසිරිලා තියෙනවා. විශේෂයෙන්ම කතාවේ එන ‘කේලෙගෝ’ කියන අන්තර්මානීය දේවතාවා සහ ශාපලත් මාධ්ය භාවිතය ලව්ක්රාෆ්ට්ගේ කතා ශෛලිය සිහිපත් කරනවා. කතාවේ මුල් කොටස් ඉතාම ආකර්ෂණීය වුණත්, අවසාන භාගය ප්රේක්ෂකයන් අතර යම් මතභේදයකට ලක් වුණා. කෙසේ වෙතත්, ඉතාම සාර්ථක ආරම්භයක් ලබා ගත්තත්, නෙට්ෆ්ලික්ස් ආයතනය විසින් පළමු කතා මාලාවෙන් පසුව මෙය අවලංගු කිරීමට තීරණය කළා. කතාවේ ඉතිරි කොටස් ගැන කුතුහලයක් ඉතිරි කරමින් අවසන් වුණු මේ නිර්මාණය, භීෂණ කතා රසිකයන්ට අමතක නොවන අත්දැකීමක් වුණා කිව්වොත් නිවැරදියි.

Discussion & Feedback