අභ්යවකාශ විද්යාවේ ලොකුම අභිරහසක් වුණු කළු කුහර ගැන ස්ටීවන් හෝකින් මහතා ඉදිරිපත් කරපු න්යායට දැන් අලුත් අර්ථකථනයක් ලැබිලා තියෙනවා. කලින් අපි හිතාගෙන හිටියේ කළු කුහරවලින් ශක්තිය පිටවෙන්නේ හෝකින් විකිරණ (Hawking radiation) හරහා කියලා. හැබැයි දැන් පර්යේෂකයන් කියන්නේ, මේ ක්රියාවලිය හරියට උතුරන වතුර භාජනයක සිද්ධ වෙන දේ වගේ සරලව තේරුම් ගන්න පුළුවන් කියලා. කළු කුහරයක තියෙන අවිධිමත් බව හෙවත් ‘එන්ට්රොපිය’ (entropy) වැඩිවීම හරහා මේක පැහැදිලි කරන්න පුළුවන් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
පෙන් ස්ටේට් විශ්වවිද්යාලයේ පර්යේෂකයන් පවසන විදිහට, හෝකින්ගේ මුල් න්යාය ගොඩනැගුණේ කළු කුහර කිසිම වෙනසක් නොවී එකම තැනක තියෙනවා කියන උපකල්පනය මතයි. හැබැයි ඇත්තටම කළු කුහර කියන්නේ නිතරම හැදෙන, එකිනෙක ගැටෙන සහ අවසානයේ වාෂ්ප වෙලා යන ගතික වස්තූන්. ඉතින් මේ අලුත් පර්යේෂණයෙන් කළු කුහරයක උපතේ ඉඳන් විනාශය දක්වා සිද්ධ වෙන හැම දෙයක්ම වඩාත් පැහැදිලිව විද්යාත්මකව පැහැදිලි කරන්න පුළුවන් වෙලා තියෙනවා. මේක ඇත්තටම අභ්යවකාශ විද්යාවේ තවත් ලොකු ඉදිරි පියවරක් කියලා අපිට කියන්න පුළුවන්.

Discussion & Feedback