අභ්යවකාශ විද්යාවේ ලොකුම අභිරහසක් වුණු කළු කුහර ගැන ස්ටීවන් හෝකින් මහතා ඉදිරිපත් කරපු න්යාය තවදුරටත් දියුණු කරන්න විද්යාඥයන් පිරිසක් සමත් වෙලා තියෙනවා. කලින් අපි හිතාගෙන හිටියේ කළු කුහරවලින් ශක්තිය පිටවෙන්නේ හෝකින් විකිරණ හරහා කියලා. හැබැයි දැන් පෙන්සිල්වේනියා රාජ්ය විශ්වවිද්යාලයේ පර්යේෂකයන් පිරිසක් කියන විදිහට, මේ ක්රියාවලිය හරියට උතුරන වතුර බඳුනක සිද්ධ වෙන දේ වගේ සරල දෙයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ කළු කුහරවල තියෙන අවිධිමත් බව හෙවත් ‘එන්ට්රොපිය’ (entropy) මැනීම හරහා ඒවායේ හැසිරීම වඩාත් පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් කියන එකයි.
පහුගිය අවුරුදු පනහක් තිස්සේම විද්යාඥයන් පාවිච්චි කළේ හෝකින්ගේ න්යාය වුණත්, ඒකේ තිබුණු ලොකුම ගැටලුව තමයි ඒක ස්ථාවර කළු කුහරවලට විතරක් ගැලපීම. හැබැයි ඇත්තටම කළු කුහර කියන්නේ නිතරම වෙනස් වෙන, එකිනෙක හා ගැටෙන සහ අවසානයේදී වාෂ්ප වෙලා යන දේවල්. අලුත් පර්යේෂණයෙන් මේ සීමාවන් ඉක්මවා යමින්, නිතරම වෙනස් වන කළු කුහරවල හැසිරීම තේරුම් ගන්න නව මාවතක් විවෘත කරලා තියෙනවා. ඇල්බට් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයේ ඉඳන් හෝකින්ගේ විකිරණ න්යාය දක්වා විද්යාත්මක ගමන තවත් පියවරක් ඉදිරියට තියන්න මේ සොයාගැනීම උදව් වෙනවා කියලා තමයි විද්යාඥයන් කියන්නේ.

Discussion & Feedback