ජනප්රිය රූපවාහිනී වැඩසටහනක් වුණු ‘ද ලේට් ෂෝ විත් ස්ටීවන් කෝල්බට්’ වැඩසටහන පසුගිය කාලයේදී සී.බී.එස් නාලිකාව විසින් අවලංගු කළත්, එය අවසන් වරටත් විශිෂ්ට ජයග්රහණයක් ලබාගන්න සමත් වුණා. 78 වැනි ප්රයිම් ටයිම් එමි සම්මාන උළෙලේදී හොඳම විවිධ වැඩසටහන (Outstanding Variety Series) සඳහා හිමි සම්මානය දිනාගත්තේ ස්ටීවන් කෝල්බට්ගේ මේ වැඩසටහනයි. නාමයෝජනා නවයක් අතරින් සම්මාන හයක්ම දිනාගන්න ඔවුන්ට හැකි වීම විශේෂත්වයක්. විශේෂයෙන්ම, වැඩසටහනේ පිටපත් රචකයන් වෙනුවෙන් පළමු වතාවට ‘Outstanding Writing For A Variety Series’ සම්මානයත් ඔවුන්ට හිමි වුණා.
සම්මානය ලබාගැනීමෙන් පසුව ස්ටීවන් කෝල්බට් වේදිකාවේදී ඉතා හැඟීම්බරව අදහස් දැක්වූවා. ඔහු තමන්ගේ වැඩසටහනට සහභාගි වුණු සියලුම අමුත්තන්ටත්, තමන්ගේ බිරිඳ වන ඊවී මැකීටත් ස්තූති කළා. ඒ වගේම, තමන්ගේ වැඩසටහන නැරඹූ ප්රේක්ෂකයන්ටත් ඔහු ස්තූති කරන්න අමතක කළේ නැහැ. වැඩසටහන අවලංගු කළත්, එහි වැඩ කළ දක්ෂ තරුණ පිරිස වෙනත් වැඩසටහන් සඳහා බඳවා ගන්නා ලෙස ඔහු අනෙකුත් නිෂ්පාදකවරුන්ගෙන් ඉල්ලා සිටියා. ඔවුන් ඉතා දක්ෂ පිරිසක් බවත්, ඕනෑම වැඩසටහනක් සාර්ථක කරගන්න ඔවුන්ට පුළුවන් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා. කෝල්බට්ගේ මේ සමුගැනීම ඔහුගේ රසිකයන්ට නම් ඇත්තටම සංවේදී මොහොතක් වුණා.

Discussion & Feedback