ප්රවීණ සිනමාකරු ස්ටීවන් චව් වසර හතකට පස්සේ අධ්යක්ෂණය කරපු අලුත්ම චිත්රපටය වන ‘කුං ෆු සොකර්’ මේ දවස්වල චීන සිනමා ශාලාවල අති සාර්ථකව තිරගත වෙනවා. තිරගත කිරීම් ආරම්භ කරපු මුල් දින දෙක ඇතුළතදී විතරක් ඇමරිකානු ඩොලර් මිලියන 73.6ක දැවැන්ත ආදායමක් උපයාගන්න මේ චිත්රපටයට පුළුවන් වෙලා තියෙනවා. 2001 වසරේ ආපු ජනප්රිය ‘ෂාඕලින් සොකර්’ චිත්රපටයේ අනුප්රාප්තිකයක් විදිහට නිර්මාණය වුණු මේ චිත්රපටයේ දකින්න ලැබෙන්නේ පාපන්දු ක්රීඩාවට කුං ෆු සටන් කලාව එකතු කරගන්නා කාන්තා පාපන්දු කණ්ඩායමක අපූරු කතාවක්. මේ වන විටත් ප්රේක්ෂකයන්ගෙන් ඉහළම ප්රතිචාර ලැබිලා තියෙන මේ චිත්රපටය චීන බොක්ස් ඔෆිස් වාර්තා අලුත් කරමින් ඉදිරියටම යන බවයි වාර්තා වෙන්නේ.
මේ චිත්රපටයේ ප්රධාන චරිත සඳහා ෂැං ෂියාෆෙයි, දිල්රබා දිල්මුරාත් සහ ලේ ෂැං වැනි ජනප්රිය නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම හොංකොං තරු කැරිනා ලාවු සහ ජපානයේ ටකෙරු සතෝ වැනි ජාත්යන්තර තරුත් මෙහි විශේෂ චරිතවලින් දකින්න පුළුවන්. ස්ටීවන් චව් මේ චිත්රපටයේ රඟපාන්නේ නැති වුණත්, ඔහුගේ අධ්යක්ෂණ කුසලතාවය නිසාම මේ චිත්රපටය ලෝකය පුරාම ලොකු කතාබහක් ඇති කරලා තියෙනවා. විශේෂයෙන්ම 2026 පාපන්දු ලෝක කුසලාන උණුසුමත් එක්ක මේ චිත්රපටය තවත් ජනප්රිය වෙලා තියෙනවා. චීන සිනමාවේ මේ වසරේ තිබුණු පසුබෑම මගහරවා ගන්න මේ චිත්රපටය ලොකු පිටුවහලක් වේවි කියලා තමයි සිනමා විචාරකයෝ කියන්නේ.

Discussion & Feedback