ගොඩක් දෙනෙක් ආසාවෙන් බලාගෙන ඉන්න GTA 6 ගේම් එක එනකම් ඉන්න එක හරිම අමාරු වැඩක්නේ. හැබැයි දැන් Steam හරහා ඔයාට ඒ වගේම අත්දැකීමක් ලබාගන්න පුළුවන් අලුත්ම ගේම් එකක් ඇවිත් තියෙනවා. ඒ තමයි ‘NTE: Neverness to Everness’. මේකේ තියෙන්නේ GTA වල වගේ නගරයක ඇවිදගෙන යන ගමන් කරන වැඩ සහ Genshin Impact වල දකින්න ලැබෙන ලස්සනම ලස්සන ඇනිමේ ස්ටයිල් එකේ දර්ශන. මේක PC වලට විතරක් නෙවෙයි, PlayStation සහ ජංගම දුරකථන වලිනුත් නොමිලේම සෙල්ලම් කරන්න පුළුවන් වීම විශේෂත්වයක්.
මේ ගේම් එකේ ඔයාට සිද්ධ වෙන්නේ ‘Anomaly Hunter’ කෙනෙක් විදිහට Hethereau කියන නගරයේ විවිධ අභියෝග ජයගන්න. ගේම් එක ඇතුලේ තියෙන සටන් ක්රම හරිම වේගවත් සහ ආකර්ෂණීයයි. ඒ විතරක් නෙවෙයි, ඔයාට තනියම සෙල්ලම් කරන අතරතුර තවත් චරිත එක්ක එකතු වෙලා මිත්රත්වයන් ගොඩනගා ගන්නත්, ඔවුන් එක්ක විවිධ දේවල් කරන්නත් පුළුවන්. ගේම් එකේ තියෙන ග්රැෆික්ස් සහ සංගීතය ගැන ගොඩක් අය හොඳ ප්රතිචාර දක්වලා තියෙනවා.
මේක නොමිලේ සෙල්ලම් කරන්න පුළුවන් වුණාට ඇතුළතින් මිලදී ගන්න පුළුවන් දේවල් (microtransactions) තියෙනවා. හැබැයි ඒකෙන් ගේම් එකේ ජයග්රහණයට බාධාවක් වෙන්නේ නැහැ. දැනට පොඩි පොඩි තාක්ෂණික ගැටලු තිබුණත්, ඉදිරියේදී ඒවා විසඳෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඔයාත් ඕපන් වර්ල්ඩ් ගේම් වලට ආස කෙනෙක් නම්, අනිවාර්යයෙන්ම මේ අලුත් අත්දැකීම අත්හදා බලන්න.

Discussion & Feedback