මේ දවස්වල ගේම්ස් ගණන් වැඩි නිසා ගොඩක් අය අලුත් ගේම්ස් ගහන්න මැලි වෙනවා. ඒත් Steam එකේ තියෙන අලුත්ම නොමිලේ ලැබෙන ‘No Results Found’ කියන ගේම් එක ගැන මේ වෙද්දී ගේමර්ස්ලා අතර ලොකු කතාවක් යනවා. මේක ඇත්තටම හිතාගන්න බැරි තරම් හොඳ මට්ටමක තියෙන ඩිටෙක්ටිව් (Detective) ගේම් එකක්. මේකේ කතාව ගලාගෙන යන්නේ රජයේ ආයතනයක වැඩ කරන පර්යේෂකයෙක් විදිහට ඔයාට අභිරහස් පල්ලියක සිද්ධ වුණු අමුතු මරණ 227ක් ගැන හොයන්න සිද්ධ වෙන තැන ඉඳන්. සෙල්ලම් කරනකොට හරිම කුතුහලයක් දැනෙන විදිහට මේක නිර්මාණය කරලා තියෙනවා.
මේ ගේම් එකේ තියෙන විශේෂත්වය තමයි ඒකේ තියෙන අතිවිශිෂ්ට ගුණාත්මක බව. ගේම් එක සෙල්ලම් කරන අය මේක නොමිලේ ලැබෙන එක ගැන පුදුම වෙනවා. Steam එකේ මේකට 98%ක්ම ලැබිලා තියෙන්නේ ‘Overwhelmingly Positive’ කියන රේටින් එක. පසල්ස් (Puzzles) විසඳන්න කැමති අයට සහ අභිරහස් කතා වලට ආස අයට මේක ඇත්තටම සුපිරි අත්දැකීමක් වෙයි. මේ සති අන්තයේ ඔයාට කරන්න වැඩක් නැත්නම් අනිවාර්යයෙන්ම මේ ගේම් එක ට්රයි කරලා බලන්න. ඇත්තටම මේ වගේ ගේම් එකක් නොමිලේ ලැබෙන එක ලොකු වාසනාවක්.

Discussion & Feedback