ඔන්න PC ගේම්ස් වලට ආස අයට සුපිරි ආරංචියක් ඇවිත් තියෙනවා. Steam ආයතනය විසින් ඔවුන්ගේ ‘Free Weekend’ වැඩසටහන යටතේ ජනප්රිය ක්රීඩා 6ක් ජූලි 27 වෙනිදා දක්වා කිසිම ගාස්තුවක් නැතුව නොමිලේ ක්රීඩා කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. මේ අතරට Icarus, Firefighting Simulator: Ignite, Killing Floor 3, Wild Assault, Unrailed 2: Back on Track සහ සුප්රසිද්ධ Metal Gear Solid – Master Collection කියන ක්රීඩා ඇතුළත් වෙනවා. මේ හැම ක්රීඩාවක්ම තනිවම හෝ යාළුවෝ එක්ක එකතු වෙලා සෙල්ලම් කරන්න පුළුවන් වීම විශේෂත්වයක්.
මේ දවස් ටිකේ ඔයා මේ ක්රීඩා අත්හදා බලද්දී ඒවා ඔයාට ගොඩක්ම හිතට ඇල්ලුවොත්, ඉසව්ව අවසාන වුණාට පස්සේ විශේෂ වට්ටම් යටතේ ඒවා මිලදී ගන්නත් ඔයාට පුළුවන්. උදාහරණයක් විදිහට Icarus ක්රීඩාව සඳහා 80%ක වගේ ලොකු වට්ටමක් ලැබෙනවා. ඒ වගේම අනිත් ක්රීඩා සඳහාත් 40% සිට 55% දක්වා වට්ටම් හිමිවෙනවා. ඉතින් ඔයා ගේමින් වලට කැමති කෙනෙක් නම්, මේ අවස්ථාව මගහැරගන්න එපා. ඉක්මනටම Steam හරහා ගිහින් මේ ක්රීඩා ටික ඩවුන්ලෝඩ් කරගෙන අලුත්ම අත්දැකීමක් විඳගන්න ඔයාට පුළුවන්.

Discussion & Feedback