ඔන්න ගේම් ගහන අයට සුපිරි ආරංචියක්. Steam ප්ලැට්ෆෝම් එකට අලුතින්ම එකතු වුණ ‘Hololive Dreams’ කියන JRPG ක්රීඩාව දැන් ඔයාලට කිසිම වියදමක් නැතුව නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේක හුදෙක් RPG ක්රීඩාවක් විතරක් නෙවෙයි, රිදම් (rhythm) ක්රීඩාවක අත්දැකීමත් එකතු කරලා හදපු එකක්. මේ ගේම් එකේ Hololive සාමාජිකාවන් 50කට අධික ප්රමාණයක් ඉන්නවා වගේම, සින්දු 150කට වඩා වැඩි ප්රමාණයක් අඩංගු වෙනවා. තමන්ටම කියලා මියුසික් චාට්ස් හදාගන්නත් මෙහි අවස්ථාව තියෙන නිසා ගේම් එකේ ආතල් එක දිගටම ගන්න පුළුවන්.
මේ දවස්වල ගේමර්ස්ලා අතර මේ ගේම් එක ගැන තියෙන්නේ දෙපැත්තකට බෙදුණු මතයක්. සමහරු මේකේ තියෙන අන්තර්ගතය සහ Hololive චරිත නිසා ගොඩක් කැමතියි. හැබැයි තවත් පිරිසක් මේකේ PC වර්ෂන් එකේ තියෙන තාක්ෂණික ගැටලු සහ Kernel-level anti-cheat එක ගැන පොඩි විවේචනයක් කරනවා. කොහොම වුණත්, මේක අලුතින්ම ආපු ගේම් එකක් නිසා ඉස්සරහට එන අප්ඩේට්ස් හරහා මේ අඩුපාඩු ඔක්කොම හදාගන්න පුළුවන් වෙයි කියලා ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වෙනවා. ඔයාලත් Hololive ෆෑන් කෙනෙක් නම්, මේ ගේම් එක අනිවාර්යයෙන්ම ට්රයි කරලා බලන්න වටිනවා.

Discussion & Feedback