ලෝක ප්රසිද්ධ ස්ටාර් වෝර්ස් (Star Wars) සිනමා නිර්මාණ මාලාවේ දෘශ්ය ප්රයෝග (VFX) ශිල්පීන් පිරිසක් මේ වන විට IATSE වෘත්තීය සමිතිය හා එක්වීමට තීරණය කර තිබෙනවා. ‘ද මැන්ඩලෝරියන් ඇන්ඩ් ග්රෝගු’ සහ ‘අසෝකා’ වැනි ජනප්රිය නිර්මාණ සඳහා දායක වන ඇමරිකානු ශිල්පීන් සියලු දෙනාම ඒකමතිකව මෙම තීරණය ගෙන ඇත්තේ තම සේවා කොන්දේසි සහ අයිතිවාසිකම් වෙනුවෙන් සාමූහිකව හඬක් නැගීමේ අරමුණින්. මේ හරහා ඔවුන්ට චිත්රාගාරය සමඟ ගිවිසුම්ගතව කටයුතු කිරීමට සහ වඩාත් යහපත් සේවා පරිසරයක් ගොඩනඟා ගැනීමට අවස්ථාව ලැබෙනවා.
IATSE ජාත්යන්තර සභාපති මැතිව් ඩී. ලෝබ් පවසන පරිදි, විනෝදාස්වාද ක්ෂේත්රයේ අතිශය අභියෝගාත්මක නිර්මාණ ජීවමාන කරන මෙම ශිල්පීන්ගේ දායකත්වය අතිමහත් වන අතර, ඔවුන්ගේ සේවා තත්ත්වයන් වැඩිදියුණු කිරීම සඳහා මෙවැනි පියවරක් ගැනීම ඉතා වැදගත්. මීට පෙර මාර්වල් ස්ටූඩියෝස් සහ අවතාර් වැනි දැවැන්ත නිර්මාණවල නිරත වූ ශිල්පීන් ද පසුගිය වසරේදී මෙම වෘත්තීය සමිතිය සමඟ ගිවිසුම්ගත වුණා. මේ වන විට ඇමරිකාවේ සහ කැනඩාවේ විනෝදාස්වාද ක්ෂේත්රයේ තාක්ෂණික ශිල්පීන් ලක්ෂ 1.7කට අධික පිරිසක් නියෝජනය කරන IATSE සංවිධානයට, ස්ටාර් වෝර්ස් ශිල්පීන් එක්වීම සිනමා ක්ෂේත්රයේ තවත් සුවිශේෂී හැරවුම් ලක්ෂ්යයක් ලෙස සැලකෙනවා.

Discussion & Feedback