ස්ටාර් වෝර්ස් රසිකයන් මේ දවස්වල ලොකු කලකිරීමකින් ඉන්නේ. ඒ ‘ස්ටාර් වෝර්ස් අවුට්ලෝස්’ (Star Wars Outlaws) ක්රීඩාවේ දෙවන කොටස Ubisoft ආයතනය විසින් අවලංගු කිරීම නිසයි. මේ තීරණයට විරුද්ධව රසිකයන් එකතු වෙලා අන්තර්ජාලය හරහා පෙත්සමක් අත්සන් කරන්න පටන් අරන් තියෙනවා. දැනටමත් තුන් දහසකට අධික පිරිසක් මේකට අත්සන් තියලා තියෙන්නේ, තමන්ගේ ප්රියතම ක්රීඩාව නැවත ආරම්භ කරන්න කියලා Ubisoft ආයතනයට බලපෑම් කරන්නයි. ගොඩක් දෙනෙක් හිතන්නේ මේ ක්රීඩාවට ලැබුණු ප්රතිචාර සාධාරණ නැහැ කියලා.
ඇත්තටම මේ ක්රීඩාවට ලැබුණු විවේචන නිසා තමයි නිෂ්පාදන කටයුතු අතරමග නතර වුණේ. හැබැයි මේක ‘ජෙඩායි ෆෝලන් ඕඩර්’ ක්රීඩාවටත් වඩා ඉහළ ඇගයීම් ලබා ගත්ත එකක් කියලා ගොඩක් රසිකයන් කියනවා. සමහරු මේ පෙත්සම් වැඩේ වැඩක් නැති දෙයක් කියලා කිව්වත්, තවත් පිරිසක් විශ්වාස කරන්නේ මේක අසාධාරණ ලෙස අතහැර දැමූ ක්රීඩාවක් බවයි. කොහොම වුණත්, Ubisoft ආයතනය මේ වගේ ලොකු මුදලක් වැය කරලා ආයෙත් මේ ව්යාපෘතිය පටන් ගනීද කියන එක නම් සැක සහිතයි. කෙසේ වෙතත්, මේ ක්රීඩාවට ආදරය කරන පිරිස තවමත් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා.

Discussion & Feedback