ලෝක ප්රසිද්ධ ස්ටාර් ට්රෙක් (Star Trek) නිර්මාණයට දැන් වයස අවුරුදු 60ක් පිරෙනවා. මේ සැමරුම වෙනුවෙන් ඔවුන් අලුත්ම විදියක වැඩක් කරන්නයි සූදානම් වෙන්නේ. සාමාන්යයෙන් විද්යා ප්රබන්ධ (Science Fiction) ගණයට අයත් මේ නිර්මාණය, මෙවර ‘Once Upon a Stardate’ නමින් අලුත්ම සුරංගනා කතා පොතක් එළිදක්වන්න තීරණය කරලා තියෙනවා. රොබ් පර්ල්මන් විසින් රචිත මේ පොතේ, ලෝක ප්රසිද්ධ සුරංගනා කතා ස්ටාර් ට්රෙක් චරිත සහ සිදුවීම් එක්ක අලුත් විදියකට දකින්න ලැබෙනවා.
මේ පොතේ කතන්දර කියන්නා විදියට ඉන්නේ ලුතිනන් කමාන්ඩර් ඩේටා. මිනිස්සුන්ගේ කතාන්දර ගැන තියෙන කුතුහලය නිසා ඔහු මේ සුරංගනා කතා තමන්ගේම විදියට නිර්මාණය කරනවා. උදාහරණයක් විදියට ‘තුන් ඌරු පැටවුන්ගේ’ කතාවේ එන චරිත විදියට ලාන්, චැපල් සහ ඕටෙගාස්ව දකින්න පුළුවන්. ඒ වගේම ස්කොටි, වෙස්ලි ක්රෂර් සහ ගාරක් වගේ ප්රසිද්ධ චරිතත් මේ කතා ඇතුළේ අලුත් විදියකට මතු වෙනවා. මුළු කතා 18ක් සහ කෙටි උපදේශාත්මක කතා 14ක් මේ පොතට ඇතුළත්.
මේ පොත 2028 සැප්තැම්බර් 5 වෙනිදා වෙළඳපොළට නිකුත් වෙන්න නියමිතයි. දැනටමත් මේ පොත පෙර ඇණවුම් (Pre-order) කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ස්ටාර් ට්රෙක් රසිකයන්ට මේක අමුතුම අත්දැකීමක් වේවි. විද්යා ප්රබන්ධ ලෝකයක ඉඳන් සුරංගනා කතා ලෝකයකට යන මේ ගමන කොහොම වෙයිද කියලා බලන්න හැමෝම වගේ කුතුහලයෙන් ඉන්නේ.

Discussion & Feedback