ලොව පුරා ඉමහත් ජනප්‍රියත්වයක් දිනාගෙන තියෙන ‘ස්ටාර් ට්‍රෙක්’ (Star Trek) නිර්මාණයට දැන් වසර 60ක් පිරෙනවා. මේ සැමරුම වෙනුවෙන් ඔවුන් අලුත්ම සහ හිතාගන්නවත් බැරි විදියේ වෙනසක් කරන්නයි සූදානම් වෙන්නේ. සාමාන්‍යයෙන් විද්‍යා ප්‍රබන්ධ (Science Fiction) ගණයට අයත් මේ කතා මාලාව, මෙවර ‘Once Upon a Stardate’ නමින් සුරංගනා කතා පොතක් ලෙසින් එළිදැක්වීමට නියමිතයි. රොබ් පර්ල්මන් විසින් රචිත මෙම පොතේ, ලෝක ප්‍රසිද්ධ සුරංගනා කතා සහ ජනප්‍රවාද ස්ටාර් ට්‍රෙක් විශ්වයේ චරිත හරහා නැවත නිර්මාණය කරලා තියෙනවා.
මේ පොතේ කතන්දරකාරයා විදිහට ඉන්නේ ලුතිනන් කමාන්ඩර් ඩේටා. මිනිස් හැඟීම් සහ කතාන්දර තේරුම් ගන්න උත්සාහ කරන ඩේටා, ස්ටාර් ට්‍රෙක් චරිත යොදාගෙන අපූරු කතා 18ක් මෙහි ගොනු කරලා තියෙනවා. උදාහරණයක් විදිහට ‘තුන් ඌරු පැටවුන්’ කතාවේ එන චරිත ලෙස එන්ටප්‍රයිස් යානයේ කාර්ය මණ්ඩලය යොදාගෙන තියෙනවා. ඒ වගේම ස්කොටි, වෙස්ලි ක්‍රෂර් සහ ගැරක් වැනි රසිකයන් ආදරය කරන චරිතත් මේ කතා තුළින් අපිට දකින්න පුළුවන්. මෙය ස්ටාර් ට්‍රෙක් ඉතිහාසයේ සිදු වූ ඉතාම අමුතු සහ වෙනස්ම අත්දැකීමක්.
පිටු 144කින් සමන්විත මෙම දෘඩ කවරයේ පොත 2028 සැප්තැම්බර් 5 වැනිදා වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතයි. දැනටමත් මේ සඳහා පෙර ඇණවුම් (Pre-orders) භාරගන්නා අතර, ස්ටාර් ට්‍රෙක් රසිකයන්ට තමන්ගේ ප්‍රියතම චරිත සුරංගනා කතා ලෝකයක දකින්න ලැබෙන මේ අවස්ථාව ගැන ලොකු කුතුහලයක් තියෙනවා. විද්‍යා ප්‍රබන්ධවලින් ඔබ්බට ගිය මේ අලුත්ම ආරේ නිර්මාණය රසිකයන් කොහොම පිළිගනීද කියලා අපි ඉදිරියේදී බලමු.

Discussion & Feedback