ලොව පුරා අතිශය ජනප්රිය විද්යා ප්රබන්ධ කතා මාලාවක් වන ස්ටාර් ට්රෙක් (Star Trek) සිය 60 වැනි සංවත්සරය සැමරීමට සූදානම් වන අතර, ඒ වෙනුවෙන් රසිකයන් උද්දාමයට පත් කරන අලුත්ම නිවේදනයක් නිකුත් වෙලා තියෙනවා. ඒ අනුව, ප්රසිද්ධ ‘මැජික්: ද ගැදරිං’ (Magic: The Gathering) කාඩ් ක්රීඩාව සමඟ එක්ව විශේෂ ස්ටාර් ට්රෙක් කට්ටලයක් එළිදැක්වීමට නියමිතයි. මේ හරහා ස්ටාර් ට්රෙක් ඉතිහාසයේ ප්රබලම චරිත සහ කණ්ඩායම් එකම තැනකදී හමුවීමට රසිකයන්ට අවස්ථාව ලැබෙනවා. විශේෂයෙන්ම ස්පොක් සහ බෝර්ග් වැනි ප්රබල චරිත අතර සටනක් මේ හරහා අත්විඳින්න පුළුවන් වීම විශේෂත්වයක්.
මෙම නව කට්ටලයට අදාළව ‘කමාන්ඩර් ඩෙක්ස්’ හතරක් හඳුන්වා දී තිබෙනවා. මෙහිදී ස්පොක් ප්රධාන චරිතය ලෙස ‘ලෑන්ඩින් පාටි’ ඩෙක් එකත්, ජීන්-ලූක් පිකාඩ් ප්රධාන චරිතය ලෙස ‘ෆෙඩරේෂන් ෆ්ලීට්’ ඩෙක් එකත්, වෝෆ්ගේ නායකත්වයෙන් ‘ක්ලින්ගන් ෆියුරි’ ඩෙක් එකත් සහ බෝර්ග් රැජිනගේ නායකත්වයෙන් ‘වී ආ ද බෝර්ග්’ ඩෙක් එකත් ඇතුළත් වෙනවා. මීට අමතරව කර්ට්, සිස්කෝ, ජේන්වේ සහ ඛාන් වැනි ජනප්රිය චරිත රැසක්ම මෙම කාඩ් කට්ටලයට ඇතුළත් කර තිබීම රසිකයන්ට ලැබෙන ලොකු තෑග්ගක්.
මෙම සුවිශේෂී ස්ටාර් ට්රෙක් කාඩ් කට්ටලය මේ වසරේ නොවැම්බර් 13 වැනිදා නිකුත් කිරීමට නියමිතයි. වසර ගණනාවක් පුරා රසික හදවත් දිනාගත් ස්ටාර් ට්රෙක් විශ්වයේ චරිත සියල්ලම පාහේ එකම ක්රීඩාවකට ගොනු කිරීම නිසා, මෙය රසිකයන් අතර විශාල කතාබහකට ලක්වෙලා තියෙනවා. කාඩ්පත්වල සම්පූර්ණ විස්තර ඉදිරියේදී දැනගන්න ලැබෙන අතර, ස්ටාර් ට්රෙක් ලෝලීන්ට මෙය අනිවාර්යයෙන්ම අත්විඳිය යුතු අත්දැකීමක් වේවි.

Discussion & Feedback