ස්ටාර් ට්රෙක් (Star Trek) රසිකයන්ට සතුටුදායක ආරංචියක් ලැබිලා තියෙනවා. ඒ තමයි ස්ටාර් ට්රෙක් ලෝකය පාදක කරගෙන අලුත්ම කාඩ් බැට්ලර් (Card Battler) ක්රීඩාවක් එන්න සූදානම් වීම. ‘Star Trek: Warp’ නමින් හැඳින්වෙන මේ ක්රීඩාව දැනටමත් ස්ටීම් (Steam) වෙබ් අඩවියේ ප්රදර්ශනය කරලා තියෙනවා. මේක සාමාන්ය ක්රීඩාවකට වඩා වෙනස් අත්දැකීමක් වෙයි කියලා තමයි නිර්මාණකරුවන් කියන්නේ. මෙහිදී ඔබට ස්ටාර් ට්රෙක් ඉතිහාසයේ ඉන්න ජනප්රියම චරිත, වීරයන් සහ දුෂ්ටයන්ව තෝරගෙන ඔබේම කාඩ් එකතුවක් හදාගන්න පුළුවන්. ඒ වගේම U.S.S. Enterprise වගේ ප්රසිද්ධ අභ්යවකාශ යානා පවා මේ ක්රීඩාවට ඇතුළත් කරලා තියෙනවා.
මේ ක්රීඩාවේ විශේෂත්වය තමයි විවිධ ක්රීඩා ක්රම (Modes) රැසක් තිබීම. ඔබට අවශ්ය නම් පරිගණකය සමඟ සටන් කරන PvE ක්රමයට හෝ වෙනත් ක්රීඩකයන් සමඟ තරඟ කරන PvP ක්රමයට මේක සෙල්ලම් කරන්න පුළුවන්. ක්රීඩාවේ තියෙන කාඩ් සිය ගණනක් හරහා ඔබට විවිධ හැකියාවන් සහ උපාය මාර්ග අත්හදා බලන්න අවස්ථාව ලැබෙනවා. දැනට මේ ක්රීඩාව නිකුත් කරන නිශ්චිත දිනයක් ප්රකාශ කරලා නැති වුණත්, ‘coming soon’ ලෙස තමයි සඳහන් වෙන්නේ. හැබැයි ඔබට මේ ගැන කුතුහලයක් තියෙනවා නම්, දැනටමත් ස්ටීම් එකේ තියෙන ඩෙමෝ (Demo) එක හරහා මේ ක්රීඩාවේ මූලික අත්දැකීම ලබාගන්න පුළුවන්. ස්ටාර් ට්රෙක් රසිකයෙක් විදිහට මේ අලුත් වෙනස අත්විඳින්න ඔයාලත් ලෑස්ති වෙන්න.

Discussion & Feedback