ඉන්දුනීසියාවේ ඇනක් ක්‍රකටෝවා ගිනිකන්ද සක්‍රීය වීමත් සමඟ පිටවන අළු සහ දූවිලි වලාකුළු හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය ගුවන් ගමන් කිහිපයක් තාවකාලිකව අවලංගු කිරීමට පියවර අරගෙන තියෙනවා. මේ අනුව අද දින කොළඹ සහ ජකර්තා අතර ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ UL 364 සහ UL 365 යන ගුවන් ගමන් මෙලෙස අවලංගු කර තිබෙන්නේ මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. ගිනිකඳු අළු සහ සිලිකා අංශු ගුවන් යානා එන්ජින්වලට සහ පාලන පද්ධතිවලට දැඩි හානි සිදු කළ හැකි නිසා ඉන්දුනීසියානු ගුවන් සේවා බලධාරීන් විසින් ජකර්තා ගුවන්තොටුපළ ඇතුළු ප්‍රදේශ කිහිපයක ගුවන් මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවීමටයි කටයුතු කරලා තියෙන්නේ.
මේ තත්ත්වය නිසා බටහිර ගුවන් කලාපය හරහා ශ්‍රී ලංකාව දෙසට ගුවන් ගමන් සිදු කිරීමත් මේ වන විට තහනම් කරලා තියෙනවා. මීට අමතරව, ඊයේ රාත්‍රියේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි සහ මෙල්බර්න් සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් යානා දෙකක් ද මෙම බලපෑමෙන් බේරීම සඳහා වෙනත් මාර්ග ඔස්සේ ගමන් කිරීමට සිදු වුණා. මැද පෙරදිග ගුවන් සේවා කිහිපයක් ද ඕස්ට්‍රේලියාව සහ ඉන්දුනීසියාව අතර ගමන් මාර්ග වෙනස් කර ගැනීමට පියවර ගෙන තිබෙනවා. කලාපයේ ගුවන් ගමන්වලට මේ වන විට විශාල බාධාවක් එල්ල වී ඇති අතර, තත්ත්වය සාමාන්‍ය අතට හැරෙන තුරු ගුවන් මගීන් සිය ගුවන් ගමන් පිළිබඳව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිල වෙබ් අඩවියෙන් හෝ දුරකථන අංක ඔස්සේ නිරන්තරයෙන් විමසිලිමත් වන ලෙස බලධාරීන් ඉල්ලා සිටිනවා.

Discussion & Feedback