මෝටර් රථ ධාවන ක්ෂේත්රයේ ශ්‍රී ලංකාවේ නම ලෝකය ඉදිරියේ බබළවමින්, යෙවන් ඩේවිඩ් නැවත වරක් තමන්ගේ දක්ෂතාවය ලොවටම පෙන්වා තිබෙනවා. පසුගිය සෙනසුරාදා සිල්වර්ස්ටෝන් ධාවන පථයේ පැවැත්වුණු FIA ෆෝමියුලා 3 ස්ප්‍රින්ට් තරගයේදී ඉතාමත් දක්ෂ ලෙස ධාවනය කරමින් දෙවන ස්ථානය දිනා ගැනීමට යෙවන් සමත් වුණා. AIX රේසිං කණ්ඩායම නියෝජනය කරමින් තරගයට එක්වුණු ඔහු, ඉතාමත් තියුණු තරගයකින් පසුව මෙම ජයග්‍රහණය වාර්තා කළේ බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගනිමින්.
මෙම තරගයේදී කැම්පෝස් රේසිං කණ්ඩායමේ උගෝ උගෝචුක්වු පළමු ස්ථානය දිනා ගත් අතර, යෙවන් ඩේවිඩ් දෙවන ස්ථානයට පත් වුණා. තෙවන ස්ථානය හිමි කර ගත්තේ ද එම කණ්ඩායමේම තියෝෆිල් නායෙල් විසින්. මේ වසරේ පැවැත්වෙන ෆෝමියුලා 3 තරගාවලිය පුරාම යෙවන් ඉතාමත් හොඳ දක්ෂතා පෙන්වමින් සිටින අතර, ඔහුගේ මෙම ජයග්‍රහණය ඔහුගේ ක්‍රීඩා දිවියේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හඳුන්වන්න පුළුවන්.
දැන් සියලු දෙනාම බලාගෙන ඉන්නේ බ්‍රිතාන්‍ය ග්‍රෑන්ඩ් ප්‍රී තරගාවලියේ ඉතිරි කොටස වන ෆෝමියුලා 3 ප්‍රධාන තරගය දෙසටයි. එය ඉරිදා දිනයේදී සිල්වර්ස්ටෝන්හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. යෙවන් ඩේවිඩ්ගේ මෙම දක්ෂතා දෙස බලන විට ඉදිරියේදී මීටත් වඩා විශාල ජයග්‍රහණ ඔහුට අත්කර ගැනීමට හැකි වනු ඇතැයි ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන් විශාල බලාපොරොත්තුවකින් පසුවෙනවා.

Discussion & Feedback