ශ්‍රී ලංකාවේ සූර්ය බලශක්ති ක්ෂේත්රය මේ වන විට විශාල දියුණුවක් ලබා තියෙනවා. නවතම දත්තවලට අනුව, රටේ මුළු සූර්ය බලශක්ති ධාරිතාව මෙගාවොට් 3070 ඉක්මවා ගිහින්. දැනට පවතින කාලගුණ තත්ත්වයන් අනුව දෛනික විදුලි අවශ්‍යතාවයෙන් 15% සිට 25% දක්වා ප්‍රමාණයක් සූර්ය බලශක්තියෙන් සපුරා ගන්න පුළුවන් වෙලා තියෙනවා. මෙයින් වැඩිම කොටසක් එනම් මෙගාවොට් 2542ක්ම ලැබෙන්නේ වහල මත සවිකරන සූර්ය පැනල පද්ධතිවලින්. මීට අමතරව, සෑම මසකම තවත් මෙගාවොට් 25ත් 30ත් අතර ප්‍රමාණයක් අලුතින් ජාතික විදුලි පද්ධතියට එකතු වෙනවා.
කෙසේ වෙතත්, මේ වේගවත් වර්ධනයත් එක්ක විදුලි පද්ධතියේ ආරක්ෂාව වෙනුවෙන් සමහර තාවකාලික පියවර ගන්න බලධාරීන් තීරණය කරලා තියෙනවා. විශේෂයෙන්ම 2026 වසර සඳහා අපේක්ෂා කළ ඉලක්ක දැනටමත් ඉක්මවා ගිහින් තියෙන නිසා, නව වහල මත සූර්ය පැනල සම්බන්ධ කිරීම් සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය සහ ලෙකෝ ආයතනය මගින් දැඩි අවධානයක් යොමු කරනවා. නමුත් මේක දිගුකාලීන තහනමක් නෙවෙයි. බැටරි තාක්ෂණය භාවිත කරන ‘Zero-export’ ක්‍රමවේදය යටතේ සූර්ය පැනල සවිකිරීමට කිසිදු බාධාවක් නැහැ.
ඉදිරි 2027-2029 කාලසීමාව තුළ තවත් මෙගාවොට් 1392ක සූර්ය බලශක්ති ධාරිතාවක් එකතු කරන්නත්, මෙගාවොට් 1240ක බැටරි ගබඩා පද්ධති ස්ථාපනය කරන්නත් සැලසුම් කරලා තියෙනවා. සැප්තැම්බර් 11 වැනිදාට පෙර අනුමත කරපු සියලුම අයදුම්පත්වලට කිසිදු බාධාවකින් තොරව වැඩකටයුතු කරගෙන යන්න අවස්ථාව ලැබෙනවා. මේ පියවර හරහා රටේ පුනර්ජනනීය බලශක්ති ගමන වඩාත් ස්ථාවරව ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා.

Discussion & Feedback