ශ්‍රී ලංකාවේ ඉදිකර තිබෙන උසම ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිමාව පසුගියදා සීදූව සුපුවන් අරණ පරිශ්‍රයේදී ඉතාමත් උත්කර්ෂවත් අයුරින් ආශිර්වාද කර විවෘත කළා. අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම විශේෂ උත්සවයේදී අඩි 60ක් උසැති මෙම දැවැන්ත ප්‍රතිමාව බැතිමතුන්ගේ වන්දනාමාන කටයුතු සඳහා විවෘත කරනු ලැබුවා. සුදු යකඩ භාවිතයෙන් ඉතාමත් අලංකාර ලෙස නිමවා ඇති මෙම ප්‍රතිමාව දකින ඕනෑම කෙනෙකුගේ නෙත් සිත් ඇදගන්නා සුළුයි.
මෙම අපූරු නිර්මාණය පිටුපස තිබෙන්නේ සුපුවන් අරණේ පරිපාලක පූජ්‍ය ඩැරල් පියතුමාගේ කලාත්මක සංකල්පයක්. උන්වහන්සේගේ මඟපෙන්වීම යටතේ ඉතාමත් වෙහෙස මහන්සි වී මෙම ප්‍රතිමාව නිර්මාණය කර තිබෙනවා. මෙම අවස්ථාව සඳහා බෞද්ධ භික්ෂූන් වහන්සේලා, කතෝලික පියතුමන්ලා, කන්‍යා සොහොයුරියන් මෙන්ම විශාල බැතිමතුන් පිරිසක් එක්ව සිටීම විශේෂත්වයක්. ආගමික සහජීවනය විදහා දක්වමින් පැවැත්වුණු මෙම උත්සවය ඉතාමත් සාමකාමී අයුරින් නිමාවට පත් වුණා.
දැන් ඕනෑම කෙනෙකුට සීදූව සුපුවන් අරණට ගිහින් මෙම දැවැන්ත ප්‍රතිමාව දැකබලා ගැනීමට සහ වන්දනාමාන කිරීමට අවස්ථාව ලැබෙනවා. ශ්‍රී ලංකාවේ ආගමික සංචාරක ක්ෂේත්රයටත් මෙය විශාල වටිනාකමක් එක් කරන බව නොඅනුමානයි. ඔබත් සීදූව පැත්තේ යනවා නම් අනිවාර්යයෙන්ම මෙම ස්ථානයට ගොස් මේ අපූරු නිර්මාණය දැකබලා ගන්නා ලෙස අපි ආරාධනා කරනවා.

Discussion & Feedback