ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ සමාගමක් වන හේමාස් හෝල්ඩින්ග්ස් පී.එල්.සී. (Hemas Holdings PLC) ආයතනය, සිය ව්‍යාපාරික කටයුතු ජාත්‍යන්තර මට්ටමට පුළුල් කරමින් කෙන්යාවේ ප්‍රසිද්ධ ලිපිද්‍රව්‍ය නිෂ්පාදන සමාගමක් වන ‘Twiga Stationers and Printers Ltd’ හි කොටස්වලින් 75%ක් මිලදී ගැනීමට පියවර අරගෙන තියෙනවා. මේ සඳහා ඔවුන් ඇමරිකානු ඩොලර් මිලියන 16.2ක මුදලක් ආයෝජනය කර තිබීම විශේෂත්වයක්. හේමාස් සමූහයට අයත් ඇට්ලස් ඇක්සිලියා (Atlas Axillia) හරහා සිදුකළ මෙම ගනුදෙනුව, එම සමාගම විදේශීය වෙළඳපොළකට පිවිසෙන පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එක්වෙනවා.
කෙන්යාව කියන්නේ මිලියන 54කට අධික ජනගහනයක් සහ විශාල දළ දේශීය නිෂ්පාදිතයක් සහිත නැගෙනහිර අප්‍රිකානු කලාපයේ වේගයෙන් දියුණු වන ආර්ථිකයක්. මෙම ආයෝජනය හරහා හේමාස් සමාගමට කෙන්යාවේ පවතින නිෂ්පාදන මධ්‍යස්ථාන සහ බෙදාහැරීමේ ජාලය භාවිත කරමින් සිය ව්‍යාපාර තවදුරටත් වර්ධනය කරගන්න පුළුවන්. විශේෂයෙන්ම පාසල් උපකරණ සහ අධ්‍යාපනික නිෂ්පාදන අංශයෙන් ඇට්ලස් සහ ට්විගා සමාගම් අතර විශාල සහයෝගීතාවයක් ඇති කරගැනීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා.
මේ ගැන අදහස් දක්වමින් හේමාස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ආශිෂ් චන්ද්‍ර මහතා පවසන්නේ, මෙය සමාගමේ ජාත්‍යන්තර ව්‍යාප්තියේ වැදගත් පියවරක් බවයි. ඉදිරියේදී නැගෙනහිර අප්‍රිකානු කලාපය සහ බංග්ලාදේශය වැනි වෙළඳපොළවල් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් සිය ආදායම් මාර්ග පුළුල් කිරීමට හේමාස් සමාගම සැලසුම් කර තිබෙනවා. ඒ වගේම, ශ්‍රී ලංකාව තුළ සිදුකරන ආයෝජන කිසිදු අඩුවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යන අතරම, මෙවැනි විදේශීය ආයෝජන හරහා සමාගමේ අනාගත වර්ධනය ශක්තිමත් කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා.

Discussion & Feedback