ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට පොදු ජනතාව වෙනුවෙන් උණුසුම් ජලය සහිත පිහිනුම් තටාකයක් බණ්ඩාරවෙල ප්‍රදේශයේදී ඉදිකිරීම ආරම්භ වුණා. මේ ව්‍යාපෘතියේ මුල්ගල තැබීම පසුගිය අඟහරුවාදා ඌව පළාත් ක්‍රීඩා සංකීර්ණයේදී සිදු කෙරුණේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සෘජු අධීක්ෂණය යටතේයි. රුපියල් මිලියන 144කට අධික වියදමකින් ඉදිවන මෙම නවීන පිහිනුම් තටාකය මගින් ග්‍රාමීය ප්‍රදේශවල ඉන්න දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක් ලබාගන්න විශාල අවස්ථාවක් ලැබෙනවා.
මෙම අවස්ථාවට එක්වෙමින් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසුවේ, තරුණ පරපුර වැරදි මාර්ගවලින් මුදවාගෙන විනයගරුක ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෙස රටට දායාද කිරීම රජයේ ප්‍රධාන අරමුණක් බවයි. බන්ධනාගාරවලට තරුණයන් යවනවා වෙනුවට ක්‍රීඩා පිටියට ඔවුන්ව යොමු කිරීමෙන් රටේ අනාගතය වඩාත් යහපත් වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා. ග්‍රාමීය ක්‍රීඩකයන්ට අවශ්‍ය නවීන පහසුකම් ලබාදීම මගින් ඔවුන්ට ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් ජයග්‍රහණ ලබාගන්න පුළුවන් පසුබිමක් සකස් කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කළා.
මෙම උත්සවය සඳහා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර ඇතුළු මැති ඇමතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වුණා. ඉදිරියේදී මෙම පහසුකම නිසා බණ්ඩාරවෙල අවට ක්‍රීඩා ක්ෂේත්රයේ විශාල දියුණුවක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Discussion & Feedback