දිනෙන් දින වෙනස් වන ඩිජිටල් ලෝකය තුළ වෙළඳ දැන්වීම් සහ පාරිභෝගික තීරණ කෙරෙහි ඉන්ෆ්ලුවෙන්සර් මාර්කටින් කියන දේ ලොකු බලපෑමක් කරනවා. මේ ක්ෂේත්රය ගැන නිවැරදි අවබෝධයක් ලබා දෙන්න, ප්‍රවීණ අලෙවිකරණ උපදේශක සහ පර්යේෂක ආචාර්ය දර්ශන ජයසිංහ මහතා විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉන්ෆ්ලුවෙන්සර් මාර්කටින් පොඩ්කාස්ට් මාලාව වන ‘Trend Eka’ හඳුන්වා දී තිබෙනවා. මෙය හුදෙක් ප්‍රචාරණ උපක්‍රමයක් පමණක් නොව, ව්‍යාපාරික ලෝකයේ වැදගත් උපාය මාර්ගයක් ලෙස ඉන්ෆ්ලුවෙන්සර් මාර්කටින් හඳුනා ගැනීමට සහාය වන වේදිකාවක් ලෙසයි සැලකෙන්නේ.
මෙම පොඩ්කාස්ට් මාලාවේ පළමු කොටසින් ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් කියන්නේ කවුද සහ ඔවුන් සමාජයට කරන බලපෑම කෙතරම්ද යන්න ගැන ගැඹුරින් සාකච්ඡා කරනවා. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය හරහා ජනතාවගේ ජීවන රටාව සහ මිලදී ගැනීමේ තීරණ වෙනස් වන ආකාරය මෙහිදී මැනවින් පැහැදිලි කරනවා. අන්තර්ගත නිර්මාණකරුවන්ට තමන්ගේ වගකීම නිවැරදිව තේරුම් ගෙන, විශ්වාසය ගොඩනඟමින් සමාජයට ධනාත්මක බලපෑමක් ඇති කරන්නේ කොහොමද කියන එක මෙහිදී මූලික වෙනවා.
ඉදිරි වැඩසටහන් හරහා කර්මාන්තයේ අභියෝග, සදාචාරාත්මක ඉන්ෆ්ලුවෙන්සින් සහ ශ්‍රී ලංකාවේ නිර්මාණකරුවන්ගේ ආර්ථිකය ගැන තවත් බොහෝ දේ දැනගන්න පුළුවන්. ඔබටත් මේ ගැන වැඩිදුර තොරතුරු දැනගන්න සහ සියලුම වැඩසටහන් නැරඹීමට අවශ්‍ය නම්, Afficacy වෙබ් අඩවියේ ඇති ‘Influencer Effect Content Hub’ වෙත පිවිසෙන්න පුළුවන්. මේ නවමු අත්දැකීම හරහා ඩිජිටල් ලෝකයේ අනාගතය ගැන අලුත් දැනුමක් ලබාගන්න ඔබටත් අවස්ථාව තියෙනවා.

Discussion & Feedback