ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ලෝකයටම පෙන්වන ප්‍රථම ‘ශ්‍රී ලංකා ෆින්ටෙක් උළෙල 2026’ එළඹෙන නොවැම්බර් 2 සහ 3 යන දිනවල කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවැත්වීමට සියල්ල සූදානම්. ශ්‍රී ලංකා ෆින්ටෙක් සංසදය සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන මෙම උළෙලේ ප්‍රධාන අරමුණ වෙන්නේ අපේ රටේ ෆින්ටෙක් ක්ෂේත්රය ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීමයි. මේ හරහා ශ්‍රී ලංකාව ආසියාවේ නැගී එන ඩිජිටල් ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස ලෝකයට හඳුන්වා දීමටත්, විදේශීය ආයෝජන සහ නව අවස්ථා අපේ රටට ගෙන ඒමටත් බලාපොරොත්තු වෙනවා.
මෙම උළෙල ඉතාමත් සුවිශේෂී වැඩසටහන් කිහිපයකින් සමන්විතයි. නොවැම්බර් 2 වැනිදා බැංකු සහ ෆින්ටෙක් ක්ෂේත්රයේ ප්‍රධානීන් 120කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ‘CEOs Night’ වැඩසටහනින් උළෙල ආරම්භ වෙනවා. ඉන්පසුව නොවැම්බර් 3 වැනිදා පැවැත්වෙන ප්‍රධාන සමුළුව සහ ෆින්ටෙක් ප්‍රදර්ශනය හරහා ක්ෂේත්රයේ ප්රවීණයන්ගේ අදහස් හුවමාරු කරගන්නත්, නව තාක්ෂණික විසඳුම් දැකබලා ගන්නත් අවස්ථාව ලැබෙනවා. අවසානයේදී පැවැත්වෙන ‘FinTech Night’ සහ සම්මාන උළෙල මගින් මෙම උත්සවය අති උත්කර්ෂවත් ලෙස අවසන් කිරීමට සංවිධායකයින් කටයුතු යොදා තිබෙනවා.
මේ පිළිබඳව අදහස් දක්වමින් ෆින්ටෙක් සංසදයේ සභාපති චන්න ද සිල්වා මහතා පවසන්නේ, මෙය ශ්‍රී ලංකාවේ ෆින්ටෙක් ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් බවයි. දැනටමත් අපේ රටේ පවතින ශක්තිමත් ඩිජිටල් ගෙවීම් පද්ධතිය සහ නියාමන රාමුව මත පදනම් වෙමින්, මෙම උළෙල මගින් අපේ රටේ ඩිජිටල් අනාගතය තවත් ශක්තිමත් කිරීමටත්, නවක දක්ෂතා සහ ආයෝජන දිරිමත් කිරීමටත් විශාල පිටුවහලක් ලැබෙනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Discussion & Feedback