ශ්‍රී ලංකාවේ බිහිවූ ප්‍රමුඛතම ස්වාධීන ඩිජිටල් සහ නිර්මාණාත්මක ආයතනයක් වන ‘ඩිජිබ්රෂ්’ (Digibrush), 2025 එෆී දර්ශකයට (Effie Index) අනුව ආසියා පැසිෆික් කලාපයේ වඩාත්ම සාර්ථක ස්වාධීන ආයතන පහ අතරට පැමිණීමට සමත් වෙලා තියෙනවා. මේ ජයග්‍රහණයත් එක්ක ලෝක මට්ටමේ ප්‍රබල වෙළඳ දැන්වීම් ක්ෂේත්රයේ ශ්‍රී ලංකාවේ නාමය ඉහළින්ම සටහන් වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ලෝකයේම ඉන්න දක්ෂතම ස්වාධීන ආයතන 25 අතරට 24 වැනි ස්ථානය ලබාගනිමින් ඩිජිබ්රෂ් ලෝක මට්ටමේ පිළිගැනීමක් ලබාගැනීමත් විශේෂත්වයක්.
මේ ගැන අදහස් දක්වපු ඩිජිබ්රෂ් සම-නිර්මාතෘවරුන් වන හිෂාම් සුල්ෆිකාර් සහ ෆසාල් නවුෆර් කිව්වේ, ශ්‍රී ලංකාවේ උපන් ආයතනයක් විදිහට මේ වගේ ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණයක් ලබන්න ලැබීම ගැන ගොඩක් ආඩම්බර වෙනවා කියලයි. අපි කොහේ ඉපදුණත් අපේ වැඩවල තියෙන ගුණාත්මකභාවය ලෝක මට්ටමේ තියෙන්න ඕනේ කියන විශ්වාසය මේ ජයග්රහණයෙන් තහවුරු වෙනවා කියලා ඔවුන් වැඩිදුරටත් කිව්වා.
කොළඹ මූලික කරගෙන වැඩ කරන ඩිජිබ්රෂ් ආයතනය අද වෙනකොට සිංගප්පූරුව, එක්සත් රාජධානිය, නෙදර්ලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කැනඩාව වගේ රටවල් ගණනාවක ජාත්‍යන්තර සන්නාම වෙනුවෙන් සේවය සපයනවා. හැගන්-ඩාස් (Häagen-Dazs) වගේ ලෝක ප්‍රසිද්ධ සන්නාම සමඟ වැඩ කරමින්, ශ්‍රී ලංකාවේ දක්ෂතා සහ නිර්මාණශීලිත්වය ලෝකයටම පෙන්නුම් කරන්න ඔවුන්ට පුළුවන් වෙලා තියෙනවා. මේ ජයග්‍රහණය ශ්‍රී ලාංකික තරුණ ව්‍යවසායකයන්ට සහ නිර්මාණකරුවන්ට ලොකු ආදර්ශයක්.

Discussion & Feedback