නුවරඑළිය කන්දේ ඇල අධ්‍යාපනික වනෝද්‍යානයේ ශ්‍රී ලංකාවේ වනාන්තර ඉතිහාසය කියාපාන අලුත්ම කෞතුකාගාරයක් පසුගියදා පරිසර අමාත්‍ය ආචාර්ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත වුණා. වනාන්තර සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වසර 139ක දිගු ඉතිහාසය සහ එහි ගමන් මග පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් මෙම කෞතුකාගාරය ආරම්භ කර තිබෙනවා. වන සංරක්ෂණ ජනරාල් එස්.සී. පලමක්කුඹුර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
මෙම කෞතුකාගාරය තුළ වසර ගණනාවක් පුරා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් භාවිත කළ පැරණි උපකරණ, සිතියම්, නිල ඇඳුම් සහ වටිනා ලේඛන රැසක් ප්‍රදර්ශනයට තබා තිබෙනවා. නුවරඑළිය – පට්ටිපොළ මාර්ගයේ කන්දේ ඇල ජලාශය ආසන්නයේ අක්කර 30ක භූමි භාගයක පිහිටා ඇති මෙම වනෝද්‍යානය, සංචාරකයන්ට අපේ රටේ කඳුකර වනාන්තර පද්ධතියේ සුන්දරත්වය සහ එහි ඇති දුර්ලභ ශාක, පක්ෂීන් සහ සමනලුන් වැනි සතුන් දැක බලා ගැනීමට කදිම අවස්ථාවක් ලබා දෙනවා.
පරිසර අමාත්‍යාංශය පවසන පරිදි, මෙම ව්‍යාපෘතිය හරහා පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරය නංවාලීමටත්, ඒ තුළින් රාජ්‍ය ආදායම වර්ධනය කර ගැනීමටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වනාන්තර සංරක්ෂණය සඳහා මහජනතාවගේ දායකත්වය තවදුරටත් ශක්තිමත් කිරීමත් මෙහි ප්‍රධාන අරමුණක්. නුවරඑළිය පැත්තේ සංචාරයක යෙදෙන ඕනෑම කෙනෙකුට දැන් ස්වභාව සෞන්දර්යය විඳගන්නා අතරම අපේ රටේ වන සංරක්ෂණ ඉතිහාසය ගැනත් අලුත් දැනුමක් ලබාගන්න පුළුවන්.

Discussion & Feedback