ශ්‍රී ලංකාවේ ජනතාවට තමන් කැමතිම වාහනයක් මිලදී ගැනීමට සහ භාවිත කිරීමට තිබෙන අවස්ථාව ඉතා ඉක්මනින්ම උදා කර දෙන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය විසින් සංවිධානය කළ ‘මෝටර් රැලි 2026’ වාහන ප්‍රදර්ශනයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මීට වසර දෙකකට පෙර වාහන ආනයනය සම්පූර්ණයෙන්ම නතර වී තිබුණත්, අද වන විට රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් එම තත්ත්වය වෙනස් කිරීමට රජයට හැකි වී තිබෙන බවයි ඔහු පෙන්වා දුන්නේ.
දැනට මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වයන් නිසා යම් යම් සීමාවන් පැවතියත්, ඒවා තාවකාලික බවත් ඉදිරියේදී එම බාධාවන් ඉවත් කරමින් ජනතාවට තමන් කැමති ඕනෑම වාහනයක් ආනයනය කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළා. රටේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කරමින් ජනතාවට තමන්ගේ දෛනික කටයුතු පහසුවෙන් කරගෙන යාමට අවශ්‍ය නිදහස ලබා දීම රජයේ ප්‍රධාන අරමුණක් බව ඔහු පැවසුවා. ජනතාවට සතුටින් සහ නිදහසේ ජීවත් විය හැකි රටක් ගොඩනැගීම සඳහා අවශ්‍ය පුළුල් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය රජය මේ වන විටත් ආරම්භ කර තිබෙනවා.

Discussion & Feedback