සෞදි අරාබියේ බටහිර කලාපයේ ජීවත් වන අපේ ශ්‍රී ලාංකිකයන්ට මේ දිනවල පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳව විශේෂ අවධානයෙන් ඉන්න කියලා ජෙඩා නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය දැනුම් දෙනවා. මොබයිල් ෆෝන් එකට යම් හදිසි අනතුරු ඇඟවීමක් ලැබුණොත් වහාම ජනේලවලින් ඈත් වෙලා ආරක්ෂිත ස්ථානයකට යන්න කියලා ඔවුන් උපදෙස් දෙනවා. ඔබ එළිමහනේ ඉන්නවා නම් ළඟම තියෙන ගොඩනැගිල්ලකට හෝ ශක්තිමත් බිත්තියක් මුවා කරගෙන ආරක්ෂා වෙන්න. ඒ වගේම වීදුරු, බැල්කනි සහ වහලවල් වගේ ස්ථානවලින් ඈත් වෙලා ඉන්න එක ගොඩක් වැදගත්.
ඔබ වාහනයක් පදවන අතරතුර මෙවැනි අනතුරු ඇඟවීමක් ලැබුණොත් වහාම වාහනය පසෙකින් නතර කරලා පාලම් සහ උස් ගොඩනැගිලිවලින් ඈත් වෙලා ඉන්න කියලා මතක් කරනවා. කිසිම වෙලාවක ජනතාව ගැවසෙන තැන්වලට යන්න එපා වගේම සමාජ මාධ්‍යවල යන තහවුරු නොකළ තොරතුරු විශ්වාස කරන්නත් එපා. විශේෂයෙන්ම සිදුවීම් ඡායාරූප ගැනීම, වීඩියෝ කිරීම හෝ ඒවා සමාජ මාධ්‍යවල පළ කිරීම සෞදි නීතියට අනුව වරදක් නිසා ඒ ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න.
මක්කම සහ මදීනා කලාපයේ හදිසි අවශ්‍යතාවයක් සඳහා 911 අංකයටත්, සෞදියේ අනෙක් ප්‍රදේශ සඳහා 998 අංකයටත් කතා කරන්න පුළුවන්. ඒ වගේම ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ හදිසි සේවා සඳහා 056 098 6671 කියන අංකය ඔස්සේ සම්බන්ධ වෙන්න පුළුවන්. ඕනෑම වෙලාවක නිල නිවේදනවලට පමණක් මුල් තැන දෙමින් ආරක්ෂිතව ඉන්න කියලා අපි සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.

Discussion & Feedback