ලන්ඩනයේ උතුරු ප්‍රදේශයේදී පාසල් යමින් සිටි 16 හැවිරිදි ශ්‍රී ලාංකික සම්භවයක් ඇති දැරියක් රිය අනතුරකින් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. මෙලිසා ප්‍රේමරත්න නම් වූ ඇය එම ප්‍රදේශයේ හයිගේට් පාසලේ 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවියක්. පසුගිය බ්‍රහස්පතින්දා උදෑසන 8.13ට පමණ ඇය පාසලට යමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇති අතර, වහාම ක්‍රියාත්මක වූ හදිසි සේවා නිලධාරීන් පැමිණියත් ඇයව බේරා ගැනීමට නොහැකි වී තිබෙනවා.
මෙම අනතුර සම්බන්ධයෙන් 68 හැවිරිදි රියදුරෙක්ව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැර තිබෙනවා. අදාළ රථය පෞද්ගලික කුලී රථ සේවාවකට අයත් එකක් බවත්, ඔවුන් මේ පිළිබඳ පරීක්ෂණවලට පූර්ණ සහයෝගය ලබා දෙන බවත් පවසා තිබෙනවා. තම දියණියගේ වියෝවෙන් දැඩි කම්පනයට පත් පවුලේ අය ඇයව හඳුන්වා දී තිබෙන්නේ ඉතා කරුණාවන්ත සහ ජීවිතයට ආලෝකයක් වූ දියණියක් ලෙසයි.
මේ වන විට ලන්ඩන් පොලිසිය මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර, සිද්ධිය ඇසින් දුටු අයෙක් සිටී නම් හෝ එම අවස්ථාවේ ලබාගත් සීසීටීවී (CCTV) සහ ඩෑෂ් කැම් දර්ශන තිබේ නම් වහාම පොලිසියට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිනවා. මෙවැනි අවාසනාවන්ත සිදුවීමක් පිළිබඳව ඇසීමෙන් ශ්‍රී ලාංකික ප්‍රජාවම දැඩි කම්පනයට පත්ව සිටිනවා.

Discussion & Feedback