ශ්‍රී ලංකාවේ අලුත්ම ආරම්භක සමාගමක් වන ‘සීහෝස් එයාර් සිලෝන්’ (Seahorse Air Ceylon) ආයතනය විසින් ලංකාව තුළම VTOL හෙවත් සිරස් අතට ගුවන් ගත වන සහ ගොඩබෑමේ හැකියාව ඇති ගුවන් යානා නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් එම සමාගමේ නියෝජිතයන් සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් කැප්ටන් දමින්ද රඹුක්වැල්ල මහතා හමුවී සාකච්ඡා කර තිබෙනවා. දැනටමත් ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි වී සිටින මෙම සමාගම, අනාගත ගුවන් ගමන් ක්ෂේත්රයේ නව පෙරළියක් වන ‘Advanced Air Mobility’ (AAM) අංශය ඔස්සේ තම කටයුතු දියුණු කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ.
මෙම ව්‍යාපෘතියේ මූලික පර්යේෂණ සහ අත්හදා බැලීම් කටයුතු ආරම්භ කිරීම සඳහා අවශ්‍ය නීතිමය අනුමැතිය ලබාගැනීමට ඔවුන් කටයුතු කරමින් ඉන්නවා. සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසන විදිහට, ජාත්‍යන්තර ගුවන් සේවා ප්‍රමිතීන්ට අනුකූලව ආරක්ෂිත පියවරයන් සහ සහතික කිරීමේ ක්‍රියාවලීන් පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. කැප්ටන් රඹුක්වැල්ල මහතා පවසන්නේ මෙවැනි නව තාක්ෂණයන් හඳුන්වා දීමේදී ගුවන් ආරක්ෂාව සහ නියාමන කටයුතු ඉතා වැදගත් බවයි. සාම්ප්‍රදායික ගුවන් තොටුපළවල් අවශ්‍ය නොවී කෙටි දුර ගමන් සඳහා යොදාගත හැකි මෙම VTOL යානා නිෂ්පාදනය කිරීම හරහා ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ක්ෂේත්රයට විශාල දියුණුවක් ලබාගන්න පුළුවන් වේවි කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ.

Discussion & Feedback