මේ වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 5.7කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත වාර්තා පෙන්වා දෙනවා. අගෝස්තු 28 වනදා වන විට මෙම තත්ත්වය වාර්තා වී ඇති අතර, ඒ සමඟම මෙරට ණය පොලී අනුපාතවලත් යම් ඉහළ යාමක් දකින්න ලැබෙනවා. විශේෂයෙන්ම සාමාන්‍ය බරිත ප්රමුඛ ණය පොලී අනුපාතය පදනම් අංක නවයකින් ඉහළ ගොස් 10.95%ක් ලෙස සටහන් වී තිබෙනවා. කෙසේ වෙතත්, දේශීය මුදල් වෙළෙඳපොළේ ද්‍රවශීලතාවය තවමත් අතිරික්ත මට්ටමක පවතින අතර එය රුපියල් බිලියන 318.13ක් දක්වා ඉහළ ගොස් තිබීම විශේෂත්වයක්.
කොළඹ කොටස් වෙළෙඳපොළ දෙස බැලීමේදී පසුගිය සතියේ යම් පසුබෑමක් දකින්න ලැබුණු අතර, සියලු කොටස් මිල දර්ශකය 0.47%කින් පහළ ගියා. කෙසේ වෙතත්, විදේශීය ආයෝජකයන් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර සඳහා දක්වන උනන්දුව තවමත් ඉහළ මට්ටමක පවතිනවා. මේ අතර, ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් ද පසුගිය සතියට සාපේක්ෂව පහළ ගොස් තිබෙනවා. ඉරානය සහ ඕමානය අතර පවතින සාකච්ඡා සාර්ථක වීමත් සමඟ සැපයුම් දාමයේ ඇති වූ බාධා මඟහැරී යාම නිසා මෙලෙස තෙල් මිල පහළ යාමට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.

Discussion & Feedback