මෑතකදී ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ දිනෙත් ප්‍රනාන්දු කියන දාහතර හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවා කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වුණු ලෝක තරුණ ස්ක්‍රැබල් ශූරතාවලියේදී ලෝක ශූරයා බවට පත්වෙලා. ලොව පුරා රටවල් රැසකින් පැමිණි තරගකරුවන් එකසිය හතළිහක් අභිබවා යමින් ඔහු මේ විශිෂ්ට ජයග්‍රහණය ලබාගත්තේ ඇත්තටම ලොකු කැපවීමකින්. දිනෙත් කියන විදිහට ඔහු දිනපතා ස්ක්‍රැබල් ශබ්දකෝෂයෙන් වචන දෙසීයක් බැගින් පුහුණු වෙමින් තමයි මේ ජයග්‍රහණය වෙනුවෙන් සූදානම් වුණේ. ඉංග්‍රීසි භාෂාව දෙවන භාෂාව වුණත්, ස්ක්‍රැබල් ක්‍රීඩාව හරහා ඔහුට ඕස්ට්‍රේලියාවේ අලුත් පරිසරයට හුරු වෙන්නත්, අලුත් යාළුවෝ හදාගන්නත් ලොකු උදව්වක් ලැබුණා කියලා ඔහු කියනවා.
දිනෙත්ගේ පියා වන ප්‍රසන්න ප්‍රනාන්දු මහතා පවසන්නේ මේ ජයග්‍රහණය තමන්ට තවමත් හීනයක් වගේ දැනෙන බවයි. කෙන්යාවට යන්න තිබුණු දුෂ්කර ගමන් මාර්ගය සහ විවිධ බාධක මැද වුණත්, දිනෙත්ගේ දක්ෂතාවය ගැන තිබුණු විශ්වාසය නිසාම ඔවුන් ඒ අවදානම අරගෙන තරගයට සහභාගි වෙලා තියෙනවා. වයස අවුරුදු අටේ ඉඳන්ම ස්ක්‍රැබල් ක්‍රීඩාවට දක්ෂතා දක්වපු දිනෙත්, අනාගතයේදී වෛද්‍යවරයෙක් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ගණිතයට සහ විද්‍යාවටත් ලොකු කැමැත්තක් දක්වන දිනෙත්, තමන්ගේ මේ ජයග්‍රහණය පිටුපස සිටි පුහුණුකරු රෂීඩ් සුදින් මහතාටත් විශේෂ ස්තූතියක් පිරිනමනවා. ශ්‍රී ලාංකිකයෙක් විදිහට ලෝක මට්ටමේ මෙවැනි ජයග්‍රහණයක් ලබාගැනීම ඇත්තටම අපිටත් ලොකු ආඩම්බරයක්.

Discussion & Feedback