දෙවිනුවර ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලාංකික ධීවර පියෙක් සහ පුතෙක් දින 36ක් මුහුදේ අතරමංව සිටියදී බංග්ලාදේශයේදී බේරාගෙන තියෙනවා. එස්.එච්. චමින්ද සහ ඔහුගේ පුතා සෞන්ද හන්නදිගිපියාවති යන අය මෙලෙස බේරාගෙන ඇත්තේ බංග්ලාදේශයේ කොක්ස් බසාර් ප්රදේශයේදීයි. ඔවුන් මුහුදු ගමන ආරම්භ කර දින හතකට පසු ආහාර අවසන් වීම නිසා, ඉතිරි දින 29 පුරාවටම මාළු ඇම සහ අමු මාළු ආහාරයට ගනිමින් ඉතා අසීරු ලෙස ජීවිතය බේරාගෙන තියෙනවා. මුලින් සිව්දෙනෙකු ගමන් ඇරඹුවත්, බෝට්ටුවේ එන්ජිම අක්‍රිය වීමෙන් පසු දෙදෙනෙකු වෙනත් යාත්‍රාවක ආධාරයෙන් ආපසු පැමිණ තිබුණා. නමුත් තමන්ගේම බෝට්ටුව නිසා පියා සහ පුතා යාත්‍රාවේම රැඳී සිටීමට තීරණය කර තිබෙනවා.
මෙම කාලය තුළ මියන්මාර ජාතික පිරිසක් ඔවුන්ගේ යාත්‍රාවට ගොඩවී එහි තිබූ වටිනා භාණ්ඩ රැගෙන ගොස් ඇති බවත් වාර්තා වෙනවා. අවසානයේ බංග්ලාදේශ ධීවරයන් පිරිසක් මෙම යාත්‍රාව දැක ඔවුන්ව බේරාගෙන ගොඩබිමට රැගෙන විත් තිබෙනවා. මේ වන විට ඔවුන් දෙදෙනා බංග්ලාදේශ පොලිස් භාරයේ පසුවන අතර, නීතිමය කටයුතු අවසන් කර කඩිනමින් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඉතාමත් අසීරු අත්දැකීමකට මුහුණ දුන් මෙම පිය පුතු දෙපළ මේ වන විට සුවය ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.

Discussion & Feedback