තායිලන්තයේ බැංකොක් නුවර දොන් මුවැන්ග් ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ව්‍යාජ ගමන් බලපත්‍ර භාවිත කරමින් කසකස්තානය බලා යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකික පවුලක් තායි බලධාරීන් විසින් අත්අඩංගුවට අරන් තියෙනවා. මේ පවුලේ අය මුලින්ම තමන්ගේම ගමන් බලපත්‍රවලින් තායිලන්තයට ඇවිත් පසුව ගොඩබිම් මාර්ගයෙන් මැලේසියාවට ගිහින් තියෙනවා. පසුව ඔවුන් මැලේසියානු ගමන් බලපත්‍ර භාවිත කරමින් කසකස්තානයට යන්න උත්සාහ කරද්දී තමයි ගුවන් සේවා නිලධාරීන්ට මේ වංචාව අහු වෙලා තියෙන්නේ. ඔවුන් සමඟ සිටි මැලේසියානු ජාතික කාන්තාවක් දරුවන්ගේ මව ලෙස පෙනී සිටීමට උත්සාහ කළත්, ලියකියවිලිවල තිබුණු අඩුපාඩු නිසා ඔවුන්ව ගුවන් යානයට ඇතුළත් කරගෙන නැහැ.
මේ සිද්ධිය පිටුපස ජාත්‍යන්තර ජාවාරම්කරුවන් පිරිසක් ඉන්නා බවත්, ඔවුන් විදේශීය දරුවන් මැලේසියාවට ගෙනැවිත් ව්‍යාජ උප්පැන්න සහතික සාදා, ඒ හරහා නිල මැලේසියානු ගමන් බලපත්‍ර ලබාගන්නා බවත් විමර්ශනවලදී හෙළි වෙලා තියෙනවා. එක්සත් රාජධානිය, කැනඩාව සහ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ මේ ජාවාරම ගැන කලින්ම අනතුරු අඟවා තිබුණා. කොහොම වුණත්, තායි පොලිසිය විසින් අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනාට එරෙහිව නීතිමය පියවර ගන්නා අතරතුර, දරුවන් දෙදෙනා කිසිදු මිනිස් ජාවාරමකට ලක්වී නොමැති බව තහවුරු කරගෙන තියෙනවා. මේ දරුවන් දෙදෙනා දැනට ආරක්ෂිත ස්ථානයක රඳවා සිටින අතර, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා ඔවුන්ව නැවත මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරමින් ඉන්නවා.

Discussion & Feedback