ශ්‍රී ලංකාව මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම 2027 මාර්තු මාසයේදී අවසන් වූ පසු, ඉන් ඉවත් වීමට රජය තීරණය කර තිබෙනවා. අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසන පරිදි, එම කාලසීමාව අවසන් වීමෙන් පසුව තවත් එවැනි ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනකට යොමු වීමේ අවශ්‍යතාවයක් රටට පැන නගින්නේ නැහැ. කෙසේ වෙතත්, ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන සමඟ රටේ ආර්ථිකයට ගැලපෙන පරිදි සාමාන්‍ය සබඳතා ඉදිරියටත් පවත්වාගෙන යන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
පසුගිය රජය විසින් සිදු කළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම්වල ඇතැම් කොන්දේසි සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙහිදී විවේචනාත්මක අදහස් පළ කළා. විශේෂයෙන්ම ආර්ථික වර්ධනයක් සිදු වන විට ණය ආපසු ගෙවීමේ ප්‍රමාණය ඉහළ යන යාන්ත්‍රණය නිසා රටේ ජනතාවට ලැබිය යුතු ප්රතිලාභ අහිමි විය හැකි බව ඔහු පෙන්වා දෙනවා. මේ නිසා එම අහිතකර බලපෑම් අවම කර ගැනීමට අවශ්‍ය මූල්‍ය වෙළඳපොළ යාන්ත්‍රණයන් පිළිබඳව රජය මේ වන විට අධ්‍යයනය කරමින් සිටිනවා. දැනට පවතින වැඩසටහනේ හත්වන සමාලෝචනය සම්බන්ධයෙන් සාකච්ඡා තවදුරටත් සිදුවෙමින් පවතින අතර, 2027 මාර්තු 19 වන දිනට මෙම වසර හතරක වැඩසටහන නිල වශයෙන් අවසන් වීමට නියමිතයි.

Discussion & Feedback