2026 වසරේ ග්ලාස්ගෝ නුවර පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. කොළඹ ඔලිම්පික් මන්දිරයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී මේ බව දැනුම් දුන් අතර, ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 40 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් තෝරාගෙන තියෙනවා. ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණා.
මෙම කණ්ඩායමට පිරිමි ක්‍රීඩකයන් 27 දෙනෙක් සහ කාන්තා ක්‍රීඩිකාවන් 13 දෙනෙක් ඇතුළත්. මලල ක්‍රීඩා, පැරා මලල ක්‍රීඩා, බර එසවීම, බොක්සිං, ජූඩෝ, කලාත්මක ජිම්නාස්ටික් සහ පිහිනුම් යන ක්‍රීඩා ඉසව් හතක් සඳහා අපේ ක්‍රීඩකයන් තරග වදිනවා. කණ්ඩායමේ නායකයා ලෙස රුමේෂ් තරංග කටයුතු කරන අතර, නිලූක කරුණාරත්න මෙවර කණ්ඩායමේ ප්‍රධානියා (Chef de Mission) ලෙස කටයුතු කරනවා. පැරා ක්‍රීඩක පාලිත බණ්ඩාර සමාරම්භක උත්සවයේදී ශ්‍රී ලංකා ධජය රැගෙන යාමට නියමිතයි.
ජූලි 23 වැනිදා ආරම්භ වී අගෝස්තු 2 වැනිදා දක්වා පැවැත්වෙන මෙම ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා කණ්ඩායම ජූලි 24 වැනිදා සිට සිය තරග ආරම්භ කිරීමට නියමිතව තියෙනවා. කණ්ඩායම සමඟ පුහුණුකරුවන් සහ නිලධාරීන් 14 දෙනෙකු ද එක්වීමට නියමිතයි. අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙම තරගාවලියේදී ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට හැකි වේවායි අපි ප්‍රාර්ථනා කරමු.

Discussion & Feedback