ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් ක්ෂේත්රයට අලුත් අත්දැකීමක් එක් කරමින්, මගී ප්‍රවාහන ඩ්‍රෝන යානා සේවාවක් අත්හදා බැලීමේ කටයුතු ලබන සැප්තැම්බර් මාසයේදී ආරම්භ කිරීමට නියමිතයි. වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා පවසන පරිදි, මේ සඳහා අවශ්‍ය ඩ්‍රෝන යානා දෙකක් සැප්තැම්බර් මාසයේදී මෙරටට ගෙන්වීමට කටයුතු සූදානම් කරලා තියෙනවා. මුල් අදියරේදී කිලෝමීටර් 25ක දුරක් දක්වා ගමන් කළ හැකි වන පරිදි මෙම යානා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරලා තියෙනවා.
මෙම ව්‍යාපෘතියේ මූලික අදියරේදී කොළඹ සිට දකුණු වෙරළ තීරය දක්වාත්, කටුනායක සිට කොළඹ වරාය නගරය දක්වාත් ගුවන් මාර්ග හඳුනා ගැනීමට නියමිතයි. සංචාරක කර්මාන්තය නංවාලීම ප්‍රධාන අරමුණ වුණත්, හදිසි ආපදා අවස්ථාවලදී සහ නාවික කටයුතු සඳහාත් මෙම තාක්ෂණය යොදා ගැනීමට රජය බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මෙම යානා ගොඩබෑමට සහ ගුවන්ගත වීමට ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක් ප්‍රමාණවත් වීම මෙහි ඇති ලොකුම වාසියක්.
පළමු මාස දෙක තුළ ගුවන් මාර්ග පිළිබඳ අධ්‍යයනය කිරීමෙන් පසුව, ඉදිරි මාස හය ඇතුළත මෙම සේවාව වාණිජ මට්ටමින් ආරම්භ කිරීමට රජය අපේක්ෂා කරනවා. මේ නවීන තාක්ෂණය හරහා ශ්‍රී ලංකාවේ ගමනාගමන ක්ෂේත්රයේ විශාල පෙරළියක් සිදු වනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරනවා. ඉදිරියේදී සංචාරකයන්ට මෙන්ම සාමාන්‍ය ජනතාවටත් ඉතා වේගයෙන් සහ පහසුවෙන් ගමන් බිමන් යාමට මෙම ඩ්‍රෝන සේවාව ඉවහල් වේවි.

Discussion & Feedback