ලෝකයේ ඉහළම පෙළේ තොරතුරු තාක්ෂණ නිලධාරීන් සහ ව්‍යාපාරික නායකයින් එක්වන ‘World CIO 200 Awards & Roadshow’ වැඩසටහන 2026 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතයි. මේ සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතිය දැනටමත් ලැබී තිබෙනවා. රටවල් 50කට අධික සංඛ්‍යාවක සිටින ප්‍රධාන තොරතුරු තාක්ෂණ නිලධාරීන්, ඩිජිටල් පරිවර්තන විශේෂඥයින් සහ ආයෝජකයින් ඇතුළු 400කට වැඩි පිරිසක් මේ සඳහා සහභාගී වීමට නියමිතයි. දින හතරක් පුරා පැවැත්වෙන මෙම වැඩසටහන තුළ ජාත්‍යන්තර සමුළුවක්, නායකත්ව සංවාද, ව්‍යාපාරික හමුවීම් සහ සම්මාන උළෙලක් ඇතුළු විශේෂාංග රැසක් දැකගන්න පුළුවන්.
මෙම වැඩසටහනට සමගාමීව ‘Tech Marathon’ නමින් තවත් විශේෂ වැඩසටහනක් සංවිධානය කෙරෙනවා. මෙහිදී නවෝත්පාදන දිරිමත් කිරීම, තරුණ පරපුරේ සහභාගීත්වය වැඩි කිරීම සහ ක්‍රීඩා සංචාරක ව්‍යාපාරය නංවාලීම වැනි අරමුණු රැසක් ඉලක්ක කරගෙන තිබෙනවා. GEC Media Group මගින් ගෝලීය වශයෙන් මෙහෙයවනු ලබන මෙම වැඩසටහනේ ශ්‍රී ලංකාවේ කටයුතු HTP Global Technologies LLC ආයතනය විසින් ඔවුන්ගේම වියදමින් සිදු කිරීමට නියමිතයි.
විදේශ කටයුතු සහ තාක්ෂණ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන්නේ, මෙවැනි ජාත්‍යන්තර වැඩසටහන් මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට, සංචාරක ක්ෂේත්රයට සහ ආයෝජන අවස්ථා වැඩි කර ගැනීමට ලැබෙන විශාල වාසිය සලකා බලමින්. ඉදිරියේදී මෙවැනි වැඩසටහන් හරහා රටේ තාක්ෂණික දියුණුවටත් විශාල පිටුවහලක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා.

Discussion & Feedback