ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන සඳහා අවශ්‍ය සියලුම එන්නත් 2027 වසරේ සිට සම්පූර්ණයෙන්ම රජයේ මුදල් ප්‍රතිපාදන යොදාගෙන මිලදී ගැනීමට තීරණය කරලා තියෙනවා. මේ බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ 49 වැනි ගුණ සමරුව සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 55 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැති උත්සවයකදීයි. අපේ රටේ ඉතිහාසයේ මෙවැනි පියවරක් ගන්නා පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.
මේ වන විට රජයේ රෝහල්වලට අවශ්‍ය ඖෂධ සැපයීම 96% දක්වා ඉහළ නංවා ගැනීමට හැකි වී තිබෙනවා. ඒ අනුව ඖෂධ වර්ග 862ක් සහ ශල්‍ය උපකරණ 5,800ක් පමණ රෝහල් වෙත ලබා දීමට කටයුතු සූදානම් කරලා තියෙනවා. මේ සඳහා රජය වාර්ෂිකව රුපියල් බිලියන 185ක මුදලක් වෙන් කර තිබෙනවා. ඖෂධ සැපයුම්කරුවන්ට ගෙවීම් කිරීමේදී පවතින ප්‍රමාදයන් අවම කරමින්, වඩාත් කාර්යක්ෂම සහ විනිවිදභාවයකින් යුත් සැපයුම් පද්ධතියක් ගොඩනැගීමට අමාත්‍යවරයා අවධානය යොමු කරලා තියෙනවා.
හදිසි ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී මීට පෙර සිදුවූ අක්‍රමිකතා නිසා ගැටලු ඇති වුණත්, ඉදිරියේදී එවැනි දේ අවම කරමින් සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට රජය බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා විශ්වවිද්‍යාල, වෛද්‍ය ක්ෂේත්රයේ ප්‍රවීණයන් සහ පෞද්ගලික අංශයේ සහයෝගය ලබා ගනිමින් දේශීය ඖෂධ නිෂ්පාදනය දිරිමත් කිරීමටත් පියවර ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Discussion & Feedback