ශ්‍රී ලංකාවේ ජාතික විදුලි බල පද්ධතියට වාණිජ මට්ටමේ බැටරි බලශක්ති ගබඩා පද්ධති (BESS) සම්බන්ධ කිරීමේ කටයුතු සැප්තැම්බර් මාසයේ මුල් භාගයේදී ආරම්භ කිරීමට නියමිතයි. මේ සඳහා දිවයින පුරා විදුලි සම්ප්‍රේෂණ උපපොළවල් 16ක් ආසන්නයේ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙන අතර, දැනටමත් එහි වැඩ කටයුතු අවසන් අදියරේ පවතිනවා. විශේෂයෙන්ම අනුරාධපුර ප්‍රදේශයේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක වැඩ කටයුතු සියයට 85ක් පමණ මේ වන විටත් අවසන් කර තිබීම විශේෂත්වයක්. මෙම බැටරි පද්ධති සඳහා අවශ්‍ය උපකරණ මැයි සහ ජුනි මාසවලදී කොළඹ වරාය හරහා මෙරටට රැගෙන ආවා.
මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වෙන්නේ දහවල් කාලයේදී සූර්ය බලශක්තියෙන් නිපදවන අතිරික්ත විදුලිය ගබඩා කරගෙන, රාත්‍රී කාලයේදී විදුලි ඉල්ලුම වැඩි වන විට එය ජාතික පද්ධතියට මුදා හැරීමයි. මේ හරහා රාත්‍රී කාලයේදී ඩීසල් බලාගාර භාවිතය අඩු කරමින් විදුලි පද්ධතියේ ස්ථාවරභාවය ඉහළ නැංවීමට බලධාරීන් බලාපොරොත්තු වෙනවා. එක් ව්‍යාපෘතියකින් මෙගාවොට් 10ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට ලබා දිය හැකි අතර, මෙහි පාලන කටයුතු ජාතික පද්ධති ක්‍රියාකරු (NSO) විසින් සිදු කරනු ලබනවා.
පරිසරයට අවම බලපෑමක් ඇති වන පරිදි ස්ථාවර විදුලි සැපයුමක් පවත්වාගෙන යාම මෙම වැඩපිළිවෙලේ අරමුණයි. මෙහි ප්රතිලාභ ඉදිරියේදී විදුලි පාරිභෝගිකයන්ට ලබා දීමටත් රජය අපේක්ෂා කරනවා. මීට අමතරව, රට පුරා තවත් විදුලි සම්ප්‍රේෂණ උපපොළවල් 23ක් ආසන්නයේ මෙවැනිම බැටරි ගබඩා පද්ධති ස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබෙනවා.

Discussion & Feedback