රටේ ග්‍රාමීය ප්‍රදේශවල ගමනාගමන පහසුකම් දියුණු කිරීමේ අරමුණින් රජය විසින් ක්‍රියාත්මක කරන ‘පුනරුදයේ පුරවර’ ජාතික වැඩසටහන යටතේ අලුතින් පාලම් 881ක් ඉදිකිරීමට පියවර අරගෙන තියෙනවා. මේ වැඩසටහනේ පළමු අදියර විදිහට පාලම් 100කට වැඩි ප්‍රමාණයක වැඩ කටයුතු මේ මස 14 වැනිදා ආරම්භ කරනවා. මේ සඳහා රුපියල් මිලියන 1,050ක මුදලක් වෙන් කරලා තියෙන අතර, කුරුණෑගල රිදීගම සහ හම්බන්තොට සූරියවැව ප්‍රදේශවලදී මේ වැඩසටහනේ ප්‍රධාන උත්සව පැවැත්වීමට නියමිතයි.
මේ අතර, පළාත් පාලන ආයතනවල මූල්‍ය ස්වාධීනත්වය ඇති කිරීම සඳහා අලුත් ආදායම් උත්පාදන ව්‍යාපෘති රැසක් අගෝස්තු මාසයේ සිට ආරම්භ කිරීමටත් රජය සැලසුම් කරලා තියෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 2,500ක මුදලක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම, පළාත් පාලන ආයතනවල සේවා කටයුතු වඩාත් කාර්යක්ෂම කරන්න අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර 700ක් ලබා දීමටත් කටයුතු කරනවා. මේ යටතේ ගෙන්වූ මෝටර් ග්‍රේඩර් 75ක් ලබන ජූලි 22 වැනිදා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පළාත් පාලන ආයතන වෙත නිල වශයෙන් භාර දීමට නියමිතයි.

Discussion & Feedback