ශ්‍රී ලංකාවේ දුම්රිය සේවය නවීකරණය කිරීමේ අරමුණින් ලබන වසරේ සිට විදුලි දුම්රිය ව්‍යාපෘතියක් ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. නාරාහේන්පිට දුම්රිය ස්ථානය ‘සිහින ගමනාන්තය’ වැඩසටහන යටතේ යළි විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. රටේ දුම්රිය ජාලය පුළුල් කරමින් මගී ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීම රජයේ ප්‍රධාන අරමුණක් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
මෙම විදුලි දුම්රිය ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ කොළඹ සිට පානදුර, කොළඹ සිට මාකුඹුර සහ කොළඹ සිට රාගම දක්වා වූ දුම්රිය මාර්ග ඔස්සේ විදුලි දුම්රිය ධාවනය කිරීමට සැලසුම් කර තිබෙනවා. වසර ගණනාවක් තිස්සේ දුම්රිය ක්ෂේත්රයේ පවතින ගැටලු විසඳමින් යටිතල පහසුකම් සහ මගී පහසුකම් ඉහළ නැංවීමට රජය මේ වන විටත් කටයුතු කරමින් සිටිනවා. පොදු ප්‍රවාහන සේවය දියුණු කිරීම රජයේ ප්‍රමුඛතාවයක් වන අතර, ඒ සඳහා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් හරහා දුම්රිය යටිතල පහසුකම් නවීකරණය කිරීමටත් බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Discussion & Feedback