බරපතළ ගණයේ අපරාධ රැසකට සම්බන්ධව සිටි ‘බස් ලලිත්’ නමැති සැකකරු ඩුබායි පොලිසියේ සහාය ඇතිව යළි මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය සමත් වුණා. කළුතර දකුණ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි මෙම පුද්ගලයා සම්බන්ධයෙන් පසුගිය ඔක්තෝබර් මාසයේදී පොලිස්පතිවරයාට ලැබුණු තොරතුරකට අනුවයි ඔහුව අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පියවර ගනු ලැබුවේ. මේ වන විට ඔහු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවාගෙන වැඩිදුර විමර්ශන සිදු කරනවා.
මෙම සැකකරුට එරෙහිව වෙඩි තැබීම්, මිනීමැරුම්, මිනීමැරීමට තැත් කිරීම්, බරපතළ තුවාල සිදු කිරීම්, කප්පම් ගැනීම් සහ දේපළ ගිනි තැබීම් වැනි බරපතළ චෝදනා රැසක් එල්ල වී තිබෙනවා. මීට අමතරව ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම්වලටත් දැඩි ලෙස සම්බන්ධ වී සිටින බවයි පොලිසිය පවසන්නේ. මොහුව මෙරටට ගෙන්වා ගැනීමට සහාය දැක්වූ ඩුබායි පොලිසියට සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන්ට පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා සිය ස්තූතිය පළ කර සිටියා.
පොලිස් දත්තවලට අනුව 2024, 2025 සහ 2026 වසර තුළ පමණක් ඉන්ටර්පෝල් රතු නිවේදන නිකුත් කර තිබූ සැකකරුවන් 42 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට හැකි වී තිබෙනවා. තවත් රතු නිවේදන නිකුත් වූ සැකකරුවන් 109 දෙනෙකු ගෙන්වා ගැනීමට මේ වන විටත් කටයුතු සිදුවෙමින් පවතින අතර, රතු නිවේදන නොමැතිව වුවද විදේශයන්හි සැඟවී සිටි සැකකරුවන් 38 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා.

Discussion & Feedback