ශ්‍රී ලංකාවේ ඩිජිටල් අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක ඉලක්කයක් කරා ගෙන යාමට රජය සැලසුම් කරලා තියෙනවා. කොළඹ පැවැත්වුණු ‘ග්ලෝබල් සී.අයි.ඕ’ (Global CIO) සමුළුවට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මේ බව සඳහන් කළා. ඇය පෙන්වා දුන්නේ හුදෙක් විදේශ ආයෝජන ලබාගැනීම පමණක් නොව, රටේ තාක්ෂණික දැනුම, මානව සම්පත් සහ හැකියාවන් දියුණු කරන දිගුකාලීන හවුල්කාරිත්වයන් ගොඩනගා ගැනීම රජයේ ප්‍රධාන අරමුණ බවයි. ඩිජිටල් පරිවර්තනය කියන්නේ රටේ ආර්ථික සහ සමාජීය දියුණුවට අත්‍යවශ්‍යම සාධකයක් බවත්, වඩාත් කාර්යක්ෂම සහ සැමට සමාන අවස්ථා හිමි ආර්ථිකයක් ගොඩනැගීමට මෙය මූලික කරගන්නා බවත් ඇය වැඩිදුරටත් පැවසුවා.
මෙහිදී අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ තාක්ෂණික දියුණුව සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට සහ රාජ්‍ය සේවාවන් ශක්තිමත් කිරීමට යොදාගත යුතු බවයි. විශේෂයෙන්ම ඩිජිටල් පරතරය අවම කරමින්, ස්ත්‍රී පුරුෂ භාවය, ආදායම් මට්ටම හෝ වාසස්ථානය මත පදනම් නොවී සැමට තාක්ෂණික පහසුකම් සහ කුසලතා ලබාගැනීමේ සමාන අවස්ථාවන් උදාකර දිය යුතුයි. විශේෂයෙන්ම කාන්තාවන් සහ දැරියන් ඩිජිටල් ආර්ථිකයට සහ තාක්ෂණික තීරණ ගැනීමේ ක්‍රියාවලියට සක්‍රීයව දායක කරගැනීමේ වැදගත්කම ඇය පෙන්වා දුන්නා. සැප්තැම්බර් 22 සිට 24 දක්වා පැවැත්වුණු මෙම සමුළුව සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය එරංග වීරරත්න මහතා ඇතුළු තාක්ෂණ ක්ෂේත්රයේ ප්‍රවීණයන් රැසක් සහභාගී වුණා.

Discussion & Feedback