ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම 2030 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 36කට වඩා වැඩි අගයකට ගෙන ඒමට රජය බලාපොරොත්තු වෙනවා. මේ බව ප්‍රකාශ කළේ වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතායි. විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල සේවය කරන වාණිජ නිලධාරීන් සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ ඉලක්කය ගැන පැහැදිලි කළා. රටේ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සඳහා වෙළඳාම, ආයෝජන, සංචාරක ව්‍යාපාරය සහ විදේශ රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා වුණා.
ලොව පුරා වාණිජමය වශයෙන් වැදගත් රටවල් 23ක සේවය කරන ශ්‍රී ලංකා වාණිජ නිලධාරීන් අමතමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ජාතික අපනයන සංවර්ධන සැලැස්මේ ඉලක්ක සපුරා ගැනීම සඳහා ඔවුන්ගේ කාර්යභාරය ඉතාම තීරණාත්මක බවයි. විශේෂයෙන්ම අපනයන ප්‍රවර්ධනය, නව වෙළඳපොළවල් සොයා ගැනීම සහ විදේශීය ආයෝජන මෙරටට ගෙන්වා ගැනීම හරහා මැනිය හැකි ප්‍රතිඵල ලබා ගැනීමේ අවශ්‍යතාවය ඔහු අවධාරණය කළා. ජාත්‍යන්තර ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කරමින්, ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්රය නව මාවතකට රැගෙන යාමට සියලුම නිලධාරීන් කැපවිය යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළා.

Discussion & Feedback