ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය ඉදිරි වසර කිහිපය තුළ විශාල දියුණුවකට ගෙන ඒමට රජය සැලසුම් කරලා තියෙනවා. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පවසන විදිහට, 2030 වසර වන විට වාර්ෂිකව සංචාරකයන් ලක්ෂ 40ක් මෙරටට ගෙන්වා ගැනීමටත්, ඒ හරහා ඇමරිකානු ඩොලර් බිලියන 8ක ආදායමක් උපයා ගැනීමටත් රජය ඉලක්ක කරලා තියෙනවා. පසුගිය වසරවලදී සංචාරක පැමිණීම සහ ආදායම ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති අතර, මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා පරිසර හිතකාමී සහ දේශීය ප්‍රජාව සවිබල ගැන්වෙන සංචාරක ව්‍යාපෘති දියත් කිරීමට රජය බලාපොරොත්තු වෙනවා.
ලෝක සංචාරක දිනය නිමිත්තෙන් පැවති උත්සවයකදී අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ, සංචාරක ක්ෂේත්රයේ ලැබෙන ප්රතිලාභ ගම්බද මට්ටමේ සිටින කුඩා ව්‍යවසායකයන්ටත් සාධාරණව බෙදී යා යුතු බවයි. ඒ වගේම, අපේ රටේ ඇති ඓතිහාසික උරුමයන් ආරක්ෂා කර ගනිමින් නවීන තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් සංචාරක ක්ෂේත්රය නවීකරණය කිරීමේ අවශ්‍යතාවය ඇය පෙන්වා දුන්නා. විශ්වවිද්‍යාල සහ පර්යේෂණ ආයතනවල දැනුම ප්‍රායෝගිකව ක්ෂේත්රයට එක් කර ගැනීමත්, පාසල් දරුවන්ව මෙම ක්ෂේත්රය පිළිබඳ උනන්දු කරවීමත් ඉදිරි සංවර්ධන සැලසුම්වල ප්‍රධාන අංගයක් වෙනවා.
රජයේ ‘සෞභාග්‍යමත් දේශයක් – අලංකාර ජීවිතයක්’ ප්‍රතිපත්ති වැඩසටහන යටතේ, නවීන තාක්ෂණය සහ ප්‍රතිසංස්කරණ හරහා ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය කැපවී සිටිනවා. සංචාරක ක්ෂේත්රය යනු අපේ තරුණ පරපුරට හොඳ අනාගතයක් ගොඩනගා ගත හැකි ක්ෂේත්රයක් බවත්, ඒ සඳහා අවශ්‍ය අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ සිදු කරන බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළා.

Discussion & Feedback