ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ඉදිරි වසර කිහිපය තුළ විශාල දියුණුවක් කරා ගෙන යන්න රජය බලාපොරොත්තු වෙනවා. ඒ අනුව 2030 වසර වන විට වාර්ෂිකව සංචාරකයන් මිලියන 4ක් මෙරටට ගෙන්වා ගැනීමටත්, ඒ හරහා ඇමරිකානු ඩොලර් බිලියන 8ක ආදායමක් උපයා ගැනීමටත් රජය ඉලක්ක කර තිබෙනවා. පසුගිය වසර කිහිපය තුළ සංචාරක ක්ෂේත්රයේ ලැබුණු සාර්ථක ප්‍රතිඵල මත පදනම්ව මෙම නව ඉලක්ක සකස් කර ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ලෝක සංචාරක දිනය නිමිත්තෙන් පැවති උත්සවයකදී සඳහන් කළා.
මෙම සංචාරක ව්‍යාපෘතියේදී පරිසරය සහ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කරමින්, එහි ආර්ථික වාසි ගම් මට්ටමේ සිටින කුඩා ව්‍යවසායකයන් දක්වා සාධාරණව බෙදී යන ආකාරයට කටයුතු කිරීම රජයේ ප්‍රධාන අරමුණක්. විශේෂයෙන්ම නවීන තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය සංචාරක ක්ෂේත්රයට හඳුන්වා දෙමින්, විශ්වවිද්‍යාල සහ පර්යේෂණ ආයතනවල දැනුම ප්‍රායෝගිකව යොදා ගැනීමට රජය සැලසුම් කර තිබෙනවා. ඒ වගේම පාසල් දරුවන් සහ තරුණ පරපුර සංචාරක ක්ෂේත්රය පිළිබඳ උනන්දු කරවමින්, ඔවුන්ට මේ ක්ෂේත්රයේ රැකියා අවස්ථා සඳහා අවශ්‍ය දැනුම ලබා දීමටත් රජය කටයුතු කරනවා.
අපේ රටේ තියෙන අද්විතීය උරුමය සහ සංස්කෘතික විවිධත්වය ලෝකයට පෙන්වමින්, තිරසාර සංචාරක කර්මාන්තයක් ගොඩනැගීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශය එකට එක්ව වැඩ කළ යුතු බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළා. ‘සෞභාග්‍යමත් රටක් – අලංකාර ජීවිතයක්’ යන රජයේ ප්‍රතිපත්තිමය වැඩසටහන යටතේ මෙවැනි නවීන ප්‍රතිසංස්කරණ හරහා රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය බලාපොරොත්තු වෙනවා.

Discussion & Feedback