මේ දවස්වල ලංකාව පුරාම ඩෙංගු රෝගය ඉතා වේගයෙන් පැතිරීගෙන යන බවක් පේන්න තියෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට අනුව මේ වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වෙලා තියෙන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 67,143ක් දක්වා ඉහළ ගිහින් තියෙනවා. ඒ වගේම ඉතාමත් කණගාටුදායක කරුණ තමයි මේ වන විට ඩෙංගු නිසා සිදුවූ මරණ සංඛ්‍යාව 47ක් දක්වා වැඩි වෙලා තිබීම. විශේෂයෙන්ම ජූලි මාසයේ මුල් දින දහය ඇතුළත විතරක් රෝගීන් 11,764ක් වාර්තා වෙලා තියෙන අතර, ජූලි 10 වැනිදා එකම දිනකදී රෝගීන් 1,110ක් වාර්තා වීමෙන් තත්ත්වයේ බරපතලකම හොඳින්ම පැහැදිලි වෙනවා.
මේ රෝගීන්ගෙන් 52%කට වඩා වාර්තා වෙලා තියෙන්නේ බස්නාහිර පළාතෙන්. ඒ අතරිනුත් ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 13,795ක් වාර්තා වෙලා තියෙනවා. කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙලා තියෙන රෝගීන් සංඛ්‍යාව 13,563ක්. මේ තත්ත්වය නිසා රෝහල්වලට ලොකු පීඩනයක් ඇති වෙලා තියෙනවා. ප්‍රධාන රෝහල් ගණනාවක්ම දැනටමත් උපරිම ධාරිතාවට ළඟා වෙලා තියෙන නිසා රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමේදී සෑහෙන තදබදයක් සහ අපහසුතාවයක් ඇති වෙලා තියෙන බවයි බලධාරීන් පෙන්වා දෙන්නේ. ඒ නිසා හැමෝම තමන්ගේ පරිසරය පිරිසිදුව තියාගෙන මේ රෝගයෙන් ආරක්ෂා වෙන්න විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ.

Discussion & Feedback